උතුරු කොරියාවට යන්න අවසර
පොරොන්දු වූ පරිදි තමන් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කරමින් පවතින බවත්, ඕනෑම විදෙස් නිරීක්ෂකයකුට තම රරට පැමිණ එම කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කළ හැකි බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ලොවට පවසා ඇත.
කිම් ජොන් උන් මේ බව ලෝකයට කියා සිටියේ, ඔහු හමුවීමට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ හමුවුණු අවස්ථාවේදීය.
මයික් පොම්පේ ඕ, උතුරු කොරියාව බලා ගියේ පසුගිය සති අන්තයේය. ඒ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුවන අයුරු සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීමටය.
මන්දගාමී ස්වරූපයක් ගත්තත් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුවන බවත් එය ප්‍රසංශනීය බවත් මයික් පොම්පේ ඕ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමෙන් පසු කියා සිටියේය.
තමන් යළිත් වරක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට කැමැත්තෙන් පසුවන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාට පැවැසූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
(ඒ.එෆ්.පී.)