උණුසුම ඉහවහා යයි



උෂණත්වය ඉහළ යෑම හේතුවෙන් ඉකුත් දින තුනක කාලයේදී පුද්ගලයන 65කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පාකිස්තානයේ සමාජ සුබසාධන සංවිධානයක් අනාවරණය කළේය.

මෙයින් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දකුණු පාකිස්තාන නගරයක් වන කරච්චිහිය. මෙම උෂ්ණත්වය දිගින් දිගටම පැවැතිය හොත් මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩි විය හැකි යැයි ද එම සංවිධානය බිය පළ කරයි.

උෂණත්වයට අමතරව මුස්ලිම්වරුන්ගේ ශුද්ධ මාසය වන මෙම රාමදාන මාසයේදී මෙම පරිසර තත්ත්වය හේතුවෙන් අවදානම ඉහළ තත්ත්වයක පවතී. රාමදාන් මාසයේදී මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනා දහවල් කාලයේදී ආහාර හෝ පාන වර්ග නොගනී. සඳුඳා දිනයේදී පමණක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබිණි.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS