ඇෆ්ගන්-තලේබාන් රහසිගත කතාබහක්



ඇෆ්ගන් බලධාරීන් සමඟ සටන් විරාමයක් පිළිබඳව තලේබානුවන් රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව ඇමෙරිකානු හමුදා පවසයි.

මෙම සාකච්ඡා සඳහා විදේශ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ වූ බව ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු අණදෙන නිලධාරී ජානරාල් ජෝන් නිකොල්සන් මාධ්‍යට අනාවරණය කළේය.කෙසේ වුවත් එය සාවද්‍ය පුවතක් බව තලිබාන් සංවාධානය පවසයි. ඔවුන් ඇෆ්ගන් රජය මෙන්ම අමෙරිකානු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් අවධාරණය කර සිටී.

පසුගිය මාස කිහිපයේ එකිනෙකට නොදෙවෙනි ලෙස දෙපාර්ශ්වයේම සටන් පැවැති අතර කණ්ඩායම් දෙකේම සාමාජිකයන් හා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි විය

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS