ඇමෙරිකා රෝහලක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර කාර්යබහුල රෝහලක සිදුවුණු වෙඩි තැබීමකින් වෛද්‍යවරියක ජීවිතක්ෂයට පත්වූවාය.

6 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතරේ වෛද්‍යවරු ද සිටිති. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි පැවැසෙයි. වෙඩි තැබීම කළ තැනැත්තා ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත් බව වාර්තා වේ.

නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ, වෙඩි තැබීම කළ තැනැත්තා රෝහලේ කාර්ය මණ්ඩලයට සම්බන්ධ වී සිට සේවයෙන් ඉවත් වූ අයකු කියාය.

වෙඩි තැබීම් සිදුවෙද්දී නිව්යෝක් පොලිස් නිලධාරීහු රෝහල වට කරමින් රෝහල අවට මාර්ග වසා දැමූහ. වෙඩි ප්‍රහාරයෙන් මියගිය වෛද්‍යවරියගේ හෝ වෙඩික්කරුගේ විස්තර මෙතෙක් අනාවරණය වී නැත.

(රොයිටර්)


RECOMMEND POSTS