ආසියානු සංචාරය අවසන්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දීර්ඝ ආසියානු සංචාරය නිමාවට පත් විය.

ට්විටර් පණිඩුවයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේ තම පළමු ආසියානු සංචාරය සාර්ථක වුණු බවත්, ආසියානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීමට තමන්ට හැකිවුණු බවය.

ට්‍රම්ප් ආසියානු සංචාරය ආරම්භ කළේ ජපානයෙනි. එය අවසන් වූයේ පෙරේදා පිලිපීනයේ මැනිලා නුවරදීය. ට්‍රම්ප් මැනිලා නුවරට පැමිණියේ ‘ආසියාන්’ සමුළුවට එක් වීමටය. එම සමුළුව අතරතුරේ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුඩරේට්ස් සහ ට්‍රම්ප් අතරේ පළමුවරට හමුවක් පැවැත්විණි.

එම සාකච්ඡාවලින් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ තමා ඇමෙරිකාවට ගිය පසු, උතුරු කොරියාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන බවය. මේ අතර, ඇමෙරිකා නාවික හමුදාවට අයත් ප්‍රබල යුද නැව් කිහිපයක් උතුරු කොරියාව අසල මුහුදුසීමාවට පැමිණි බව ද වාර්තා විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS