අල්ලා ගත් ධීවරයන්ට නිදහස
අනවසරයෙන් තම මුහුදු සීමාවට ඇතුළු වූ බවට චෝදනා කරමින්, අත්අඩංගුවට ගෙන සිටි දකුණු කොරියානු ධීවරයන් පිරිසක් නිදහස් කිරීමට තීරණය කළේ යැයි උතුරු කොරියානු රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
උතුරු කොරියානු නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බළඇණි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින දෙකකට පෙර යැයි ද පැවැසෙයි.
දකුණු කොරියානු ධීවරයන් පිරිස වහා නිදහස් කරන බව ධීවරයන් පමණක් නොව, ඔවුන්ගේ ධීවර යාත්රාව ද නිදහස් කරන බව උතුරු කොරියාව පවසා ඇත. ධීවර පිරිස සහ ඔවුන්ගේ යාත්රාව උතුරු කොරියා දකුණු කොරියා මුහුදු දේශසීමාවේදී දකුණු කොරියානු බලධාරීන්ට බාර දීමට ද නියමිතය.
තමන් අතින් වරදක් සිදුවුණු බවත් ඒ ගැන සමාව ඉල්ලීමටත් දකුණු කොරියානු ධීවරයන් පිරිස කටයුතු කර ඇති අතර, එහෙයින් ඔවුන් මුදා හැරීමට තමන් වහා පියවර ගන්නා බව උතුරු කොරියානුවෝ පවසා ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
කොරියානු යුද්ධයෙන් පසු උතුරු සහ දකුණු වශයෙන් බෙදී වෙන්වී සිටියත් දෙරටේම සිටින්නේ එකම ජාතියකි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර අර්බුද පවතී. කෙසේ නමුත් දකුණු කොරියානු වත්මන් ජනාධිපති මූන් උත්සාහ ගන්නේ උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටය.
(ඒ.එෆ්.පී.)