අනුමැතිය හිමිවුණැයි ට්‍රම්ප් සතුටින්



රටේ ක්‍රියාත්මක බදු පනත වෙනස් කිරීමට හැකිවීම තම රිපබ්ලිකන් රජය ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වොෂින්ටනයේ ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදී කියා සිටියේය.

ට්‍රම්ප් එම උත්සවය සංවිධානය කර තිබුණේ ඔහුගේ රිපබ්ලිකන්වරුන් නියෝජිතයන් වෙනුවෙනි. ට්‍රම්ප්ට මේ අයුරින් ඇමෙරිකාවේ බදු පනත වෙනස් කිරීමට හැකියාව ලැබුණේ කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවීමෙන් පසුවය.

‘අපි වාර්තාවක් තිබ්බා. මේක අපි ලැබූ ලොකු ජයග්‍රහණයක්. ඓතිහාසික ජයග්‍රහණයක්. අපි තැබූ ඉදිරි පියවරක්. ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න අපට පුළුවන්’ යැයි ජනපතිවරයා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS