ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළේ නෑ



‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ද්වී පාර්ශ්වීක සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර, එහිදී තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රුසියන් ජනපති පුටින් සෘජුවම කියා සිටියේ, තමා ඇමෙරිකන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීම සම්බන්ධයෙන් දායක නොවුණු බවය.

‘මම ඔබේ ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළේ නැහැ. එයයි ඇත්ත’ යැයි පුටින්, ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ගේ මුහුණටම කියා සිටියේය.

පසුගිය වසරේ ඇමෙරිකන් ජනපතිවරණයේ දී, කවුරුත් නොසිතූ අයුරින් ඩොනල්ඞ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ රුසියන් පරිගණක හැකර්වරුන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ නිසා යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ චෝදනා කරයි.

එම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත. එම පරීක්ෂණ කටයුතු දිගටම සිදුවෙමින් පවතී.

රුසියන් ජනපති පුටින් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවට, රුසියන් විදේශ කටයුතු ඇමැති සර්ගේ ලැව්රෝව් පමණක් නොව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලෙක්ස් ටිලර්සන් ද එක්වී සිටියහ.

රාජ්‍ය නායකයන් දෙදෙනා පැය දෙකක් සහ මිනිත්තු 16 ක් තිස්සේ සාකච්ඡා පැවැත්වූ බව වාර්තා විය. එහිදී සිරියානු අර්බුදය ගැන ද කතාබහට ලක් විය.

සාකච්ඡා අවසානයේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ ට්‍රම්ප් හමුවී සාකච්ඡා කර කරුණු කාරණා රැසක් නිරාකරණය කර ගත් බවය. ට්‍රම්ප් හමුවන්න ලැබීම ගෞරවයක් බව ද ජනපති ට්‍රම්ප් පැවැසීය.

(රොයිටර්)


RECOMMEND POSTS