ජී 20 හැඩ කළ බවලත්තු
ලෝක ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව ජර්මනියේ හැම්බර්ග් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙන අතර, ලොව රටවල් 20 ක රාජජ්‍ය කායකයෝ ඊට සහභාගී වෙති.
රාජ්‍ය නායකයන් සමඟ ඔවුන්ගේ බිරියන් ද හැම්බර්ග් නුවරට පැමිණ සිටින්නේ විවිධ විලාසිතා ද සමඟය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා ඒ අතරින් කැපී පෙනෙයි.
ජී 20 සමුළුවට සමගාමීව හැම්බර්ග් නුවර දැවැන්ත විරෝධතා ද පැවැත්වෙයි. විරෝධතාකරුවෝ කලහකාරීව හැසිරෙමින් කඩසාප්පු වාහන පමණක් නොව, හැම්බර්ග් පොලිස් ස්ථානයට ද පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළහ. ජර්මන් පුවත් සේවා වාර්තා කළේ කෝලහාල නිසා මෙලානියා ට්‍රම්ප් ඇතුළු විදෙස් නායකයන්ගේ බිරියන් කිහිප දෙනකු පැය කිහිපයක් හැම්බර්ග් නුවර ඔවුන්ගේ හෝටල්වල කොටු වී සිටි බවය.
ජී 20 රාජ්‍ය නායකයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රයක් පැවැත්වුණු අතර ජනපතිවරුන් සහ අගමැතිවරුන් ද සමඟ බිරියෝ ද ඊට සහභාගී වූහ.
මෙලානියා පමණක් නොව, චීන ජනපති ආර්යාව පෙන්ග් ලියුවාන්, මෙක්සිකෝ ජනපති නීටෝගේ බිරිඳ ඇන්ජෙලිකා රිවේරා සහ තරුණ දියණිය, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සෝෆි සහ පුංචි පුතු ඒ අතරින් මාධ්‍ය අවධානය දිනා ගත්හ.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, පැමිණ සිටියේ සැමියා පිලිප් සමඟය. ජනපති සහ අගමැති ආර්යාවන් අතරේ පිලිස් එතරම් කැපී පෙනුණේ නැතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඬේලිමේල් ඇසුරිනි)