පෘථිවි ඉතිහාසයේ කෙටි දිනයක්




ජූලි 29 වැනිදා, දිනය තත්පර ගණනකින් කෙටි වුණු බව ඔබ දන්නවාද? එසේ වූයේ පෘථිවිය වෙනදාට වඩා මිලි තත්පර ගණනක් වේගයෙන් කැරැකීම හේතුවෙනි. පෘථිවියේ සම්මත භ්‍රමණය පැය 24 කි. අප දවසක් යැයි කියන්නේ පෘථිවිය සිය භ්‍රමණය සම්පූර්ණ කරද්දීය.

ජූලි 29 වැනිදා සම්මත භ්‍රමණය වන පැය 24 ට වඩා මිලි තත්පර 1.59 කින් පෘථිවියේ භ්‍රමණය සම්පුර්ණ වී තිබුණි. ඒ අනුව පෘථිවිය අඩුම භ්‍රමණ කාලයක් වාර්තා කර තිබුණි. මීට පෙර ලොව කෙටිම දිනය ලෙස වාර්තා වී තිබුණේ 2020 ජූලි 19 වැනිදාය. කෙසේ නමුත් එදින ජූලි 29 වැනිදාටත් වඩා කෙටි විය. ඒ අනුව, ජූලි 29 වැනිදා ලොව කෙටිම දිනය වන්නේ නැත.

පෘථිවියේ භ්‍රමණ වේගයේ වෙනසට හේතුව නිශ්චිතව අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී නැත. එසේ වුවත්, විද්‍යාඥයන් අනුමාන කරන්නේ, මෙය පෘථිවියේ හරය අභ්‍යන්තර හෝ පිටත ස්ථරවල ක්‍රියාවලීන්, සාගර, වඩදිය බාදිය හෝ දේශගුණයේ වෙනස්වීම් නිසා සිදුව ඇති බවය.


RECOMMEND POSTS