හදවතට හොඳ චොකලට්



චොකලට් කන්න අකමැති කවුරුද? ලොකු කුඩා කවුරුත් චොකලට්වලට ප්‍රිය කරයි. චොකලට් නිපදවීමට යොදා ගන්නේ කොකෝවාය. පිරිසුදු කොකෝවාවලින් නිපදවන 'ඩාක් චොකලට්' රසයෙන් පමණක් නොවෙයි, ගුණයෙන් ද පිරී පවතී.

චොකලට්, විශේෂයෙන් 'ඩාක් චොකලට්', රුධිර පීඩනය අඩු කර ගැනීමට හැකි බවත් බවත්, එමගින් හදවත ආරක්ෂා වන බවත්, බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් පිරිසක් සොයාගෙන ඇත. චොකලට් නිපදවීමට යොදා ගන්නා කොකෝවාවල, 'ෆ්ලේවනෝල්' යනුවෙන් ප්‍රතිඔක්සිකාරක් අඩංගු වෙයි. මෙය නහර සහ ධමනි ලිහිල් කිරීමට උපකාරී වයි.

සරේ විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කොකෝවා අතිරේක ලබා ගන්නා විට, පැය තුනක් ඇතුළත රුධිර පීඩනය අඩි වී, රුධිර වාහිනී දිගු වන බවය.  බොහෝ දෙනා පෝෂණ අතිරේක ලෙස ඖෂධ භාවිතයට යොමු වී සිටින අතර, එම ඖෂධවල 'ඩාක් චොකලට්' ග්‍රෑම් 500ක් තරම් ෆ්ලේවනෝල් අඩංගු වෙයි.

මෙම පර්යේෂණයට සම්බන්ධ, සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටියන් හීස් මෙසේ පැහැදිලි කර තිබේ. “කොකෝවා ෆ්ලේවනෝල් අපගේ හෘද වාහිනී පද්ධතියට ඇති කරන ධනාත්මක බලපෑම පිළිබඳ කිසිදු සැකයක් නැත. සමහර ඩාක් චොකලට් වර්ගවල සැලකිය යුතු ප්‍රමාණයක් ෆ්ලේවනෝල් තිබෙනවා. සාමාන්‍යයෙන් සිරුරට ලැබෙන ෆ්ලේවනෝල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලැබීමෙන් මෙම වාසිය අත් විඳින්න පුළුවනි."

එසේ වුවත්, සියයට සියයක්, පිරිසුදු කොකෝවාවලින් නිපදවන චොකලට් ආහාර වැඩිපුර ආහාරයට ගැනීම ගැටලු ඇති කරන බව ද මහාචාර්යවරයා පැහැදිලි කර තිබේ. වයින්, බ්ලූබෙරී සහ නිවිති වලින්ද සිරුරට, හදවතේ ක්‍රියාකාරීත්වයට සහ රුධිරවාහිනීවලට සුදුසු වුවත්, වැඩි වැඩියෙන් ඒවා ආහාරය පෝෂණ සමබලතාවට ගැටලුවක්  මතු විය හැකිය.

වර්තමානයේ පුද්ගලයන් තුන් දෙනකුගෙන් එක් අයකු අධි රුධිර පීඩනයෙන් පීඩා විදී. නිහඬ මාරයකු ලෙස සැලකෙන අධි රුධිර පීඩනය, හෘදයාබාධ හා ආඝාත අවදානම වැඩි කරයි.

Frontiers in Nutrition විද්‍යා සඟරාවේ, චොකලට්වලින් ඇති ගුණ ගැන විශේෂ ලිපියක් පර්යේෂණ පළ වී ඇත. තරුණ තරුණියන් සහභාගී කර ගනිමින් කළ පර්යේෂණයේදී හෙළි වූයේ 11 දෙනෙකු ඔවුන්ගේ දෛනික ජීවිතයේදී කොකෝවා අඩංගු පෙති (පෝෂණ අතිරේක ලෛස ගන්නා ඖෂධ) ලබා ගත් පසු, කොකෝවා ගන්නා දිනවල රුධිර පීඩනය අඩු වූ බවත්, කොකෝවා අඩංගු පෙති භාවිතයට නොගන්නා දිනවල රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑම සහ රුධිරවාහිනී හැකිලීව සිදුවුණු බවත්ය.

''අපගේ මීළඟ පියවර අධිරුධිර පීඩනය ඇති, නිසි පරදි ඖෂධ භාවිත කරන පුද්ගලයන් පර්යේෂණයට සම්බන්ධ කර ගනිමින්, ඔවුන්ට මෙය ප්‍රයෝජනවත් දැයි පරීක්ෂා කිරීමයි. මම හිතන්නේ ඔවුන්ට ෆ්ලේවනෝල්වලින් වාසි අත්වනු නිසැකයි.'' යැයි මහාචාර්ය ක්‍රිස්ටියන් හීස් පැහැදිලි කර තිබේ.

සටහන - ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS