බටහිර රටවල පැතිරෙන වඳුරු උණ
‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයේ අඩුවක් සිදුවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වූවා පමණි. බටහිර රටවල් කීපයක පැතිරෙන වයිරසයක් අපට අසන්න ලැබේ.
මේ වයිරසයේ ආරම්භය අප්‍රිකාවෙනි. නිවැරදිව කීවොත්, බටහිර සහ මධ්‍යම අප්‍රිකාවෙනි. මේ වයිරසය ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) ය. යුරෝපයට අයත් මහා බි්‍රතාන්‍යයෙන්, පෘතුගාලයෙන්, ස්පාඤ්ඤයෙන් ද කැනඩාවෙන් සහ ඇමෙරිකාවෙන් ද මේ වනවිට ‘වඳුරු උණ’ රෝගීන් වාර්තා වෙමින් පවතී. වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙනි. එම ගණන 46 කි.
‘වඳුරු උණ’ මාරක වයිරසයක් නොවෙයි. එහි මරණ අනුපාතය ඉතා අඩුය. සිරුරේ ප්‍රතිශක්තිය හොඳින් ඇති නම්, වයිරසය පහසුවෙන් පරාජය කිරීමට හැකිවෙයි. ‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය හා සසදා බැලූවිට ‘වඳුරු උණ’ සාමාන්‍ය හෙම්බිරිස්සාවක් ලෙස සැලකිය හැකිය. ඒත් හෙම්බිරිස්සාවක් වුවත් මාරක වීමට ඉඩ ඇත. ඒ නිසා ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත්ය.
‘වඳුරු උණ’ මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දකින්න ලැබෙන වයිරසයකි. මෙය පැපොල (චිකන් පොක්ස්) වලට සමානය. මීට පෙර ද අවස්ථා කීපයකදී අප්‍රිකාවෙන් පිට රටවලින් ‘වඳුරු උණ’ රෝගීන් එක්කෙනා හෝ දෙදෙනා හෝ හමුවුවත්, මෙතරම් දරුණුවට බටහිර රටවල ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තියක් සිදු නොවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය. ‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රභේද දෙකකි. එයින් දරුණු ප්‍රභේදය ‘කොංගෝ’ ප්‍රභේදයයි. මෙය කොංගෝව ආශ්‍රිතව පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී තිබේ. අනෙක් ‘වඳුරු උණ’ ප්‍රභේදය වන්නේ ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ ප්‍රභේදයයි. මහා බි්‍රතාන්‍යයේ පැතිරෙන්නේ මෙම ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ බව මේ වනවිට තහවුරු වී ඇත.
‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි. මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවීම ඉතා අඩු බව පැවැසෙයි. මනුෂ්‍යයන් අතරේ වයිරස ව්‍යාප්තිය සිදුවන්නේ රෝගී අයකු සමීපව ඇසුරු කරද්දීය.
(බීබීසී ඇසුරිනි)