කාන්තාවන් බහුලව මුහුණදෙන ’Black Heads’



නව යොවුන් වියේ පසුවන්නන් සේම, වැඩිහිටි වයසේ පසුවන කාන්තාවන් බහුලව මුහුණදෙන තත්ත්වයකි. ‘බ්ලැක් හෙඞ්ස්’ හෙවත් කළු කප මුහුණේ ඇතිවන මෙම තත්ත්වය බරපතල රෝගයක් නොවුවද මුහුණේ සුන්දර බවට හානියක් නොවූවද මුහුණේ සුන්දර බවට හානියක් වන නිසාම මෙම සමේ ඇතිවන කළු ලප ඉවත් කර ගැනීමට බව වෙහෙසෙනුයේ නිතැතිනි.    

නවීන තාක්‍ෂණික ක‍්‍රම ඔස්සේ සමේ ඇති වන මෙම තත්ත්වයන් මග හරවා ගැනීමට විවිධ ක‍්‍රම භාවිත කළද අපගේ මෙම උත්සවය අවුරුදු දහස් ගණනක් ඉපැරණි ආයුර්වේදය ක‍්‍රම භාවිතයෙන් බ්ලැක් පහසුවෙන් ඉවත් කළ හැකි අකාරය විස්තර කිරීමටය.    

 

කළු ලප ඇති වීමට හේතු    

ආයුර්වේදයේදී ‘බ්ලැක් හෙඞ්ස්’ හඳුන්වනුයේ ‘නිලිකා’ නමිනි. නිලිකා ඇති වීමට මූලිකව හේතූන් ලෙස දක්වා ඇත්තේ තුන්දෝෂයන්ගෙන් වාතය සහ සෙම් යන දෝෂයන් කෝප විමය. රක්තය දුෂණයද ඉහත තත්ත්වයට එක් හේතුවකි.   

රක්තය දුෂණය වීමට බලනා මූලික කරුණක් වන්නේ සම්ප‍්‍රදායික ආහාර රටාවෙන් ඇති වීමයි. අධික තෙල් යෙදු, ලූණු සහිත ආහාර මෙන්ම සැර සහිත ආහාර සහිත ආහාරයන්ද නිතර ගැනීම ලේ දුෂණය වීමට ඍජු ලෙසට බලපානු ලැබේ.

මිට අමතරව   

  • මානසික ආතතිය,   
  • දහවල් කාලයේ නිදා ගැනීම   
  • රාත‍්‍රියේදී නිදි වැරීඹ   
  • ශෝකය
  • ක්‍රෝධය
  • බය

වැනි මානසික හේතුන් දිගුකාලීනව පැවතීම ද ‘නිලිකා’ හෙවත් බ්ලැක් හෙඞ්ස් ඇති වීමට බලපානා හේතු ලෙස හඳුනාගෙන ඇත.   

 

ප‍්‍රතිකාර   

ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ බ්ලැක් හෙඞ්ස් සුව කිරීමට බාහිර ප‍්‍රතිකාර අභන්තර ප‍්‍රතිකාර සහ මානසික ප‍්‍රතිකාරයන් තුනට එකවර ලබාදිය යුතු විශේෂයෙන්ම තුන්දෝෂ සමනය කර ශරීරයේ සමතුලිතතාවය ආරක්‍ෂා කර ගැනීමට ඉතා වැදගත්ය. දුෂණය වු ලේ ද හමගින් පිරිසිදු කෙරේ. ඒ සඳහා දිනකට වරක් ත‍්‍රිපලා එකිය ඖෂධයක් ලෙස හෝ කසායක් ලෙස සකසා ගත යුතුය.   

  • රත්හඳුන්, සුවඳ කොට්ටන්, වෙනිවැල්ගැට, කහ, පත්පාඩගම් ආදියන්ගේ එකතුවෙන් සකස් කළ කසායක් බොන්න. මුහුණේ ඇති අවපැහැ වීම් මගහරවයි.   

හාතවාරිය කොළ යොදා සකස් කළ කැඳ සහ හාවාරිය අල චූර්ණය අභ්‍යන්තරව ගත හැකි ඉතා සුදුසු ඖෂධයන්ය. ශරීරයේ උෂ්ණත්වය වී සිරුර සිසිල් කරවයි.   

 

බාහිර ආලේපන  

  • අමු කහ   
  • වෙනිවැල් ගැට කුඩු  අවශ්‍ය ප‍්‍රමාණයට ගෙන පිනි දියරෙන් අනා මුහුණ හොඳින් ස්ක‍්‍රබ් කරන්න.  
  • කොත්තමල්ලි ඇට කුඩුකර ආලේප කිරීමද ඉතාම යෝග්‍යයය.  
  • සුදු හඳුන් සුවඳ කොට්ටන්, වැල්මී, කොකුම්පොතු කුඩු ආදිය සියල්ල එකට එකතු කර, පිරිසිදු වතුරෙන් මිශ‍්‍ර කර ආලේප කිරීමද ආයුර්වේදයේ පෙන්වා දෙන ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයකි.
  • කොහොඹ කොළ අමු කහ සමග මිශ‍්‍රකර ආලේප කිරීමද යෝග්‍යය.  
     

දෛනිකව මුහුණ සහ ඇඟ පිරිසිදු කිරීම සඳහා  
 

  • කඩල පිටි
  • මුං ඇට පිටි   
  • එළකිරි ආදිය  

සබන් වෙනුවට යොදා ගත හැකිය.  

 

මානසික ප‍්‍රතිකාර   

අවිවේකි ජීවන රටාවෙන් මැඩ දිනකට අවම වශයෙන් විනාඩි දහයක් හෝ සරළ භාවනාවක නිරත වන්න.   

සියලූ සත්වයන්ට මෙත් වඩන්න.   

හිත දුෂණය වන සිතුවිලිවලින් ඈත් වන්න.  

සංගීතයට සවන්දීම, සංගීත භාණ්ඩ වාදය කිරීම වැනි සෞන්දර්යාත්මක රසාස්වාදයකට ළං වන්න.

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සතියේ අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා දිනයන්හිදී රූපලාවන්‍ය හා බැඳි ගැටලූ සඳහා ප‍්‍රතකාර නොමිලේ කෙරේ.

 


ආයුර්වේද ශික්ෂණ රෝහලේ රුවනාරි සායනයේ විශේෂඥය වෛද්‍ය ගීතා අල්විස්  


 

ලිව්වේ  අසුන්තා එදිරිසූරිය


RECOMMEND POSTS