ඇල්ෂයිමර් බලපෑම කාන්තාවන්ට වැඩියි



‘මතකය නසන රෝගය’ ලෙස ද ඇල්ෂයිමර් රෝගය හැඳින්විය හැකිය. වර්තමානයේ ලොව පුරා මිලියන 24 ක් දෙනා පීඩාවට පත් කරන රෝගී තත්ත්වයක් වන්නේ ඇල්ෂයිමර්ය.

මෙය නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැති රෝගී තත්ත්වයන් වන අතර බහුලව දකින්න ලැබෙන්නේ අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටියන් අතරේය.

බ්‍රිතාන්‍යයේ ‘නියුරෝලොජි ජර්නල්’වෛද්‍ය විද්‍යා සඟරාවේ ලිපියක් පළ කරමින් විශේෂඥ වෛද්‍ය ලීසා මැස්කෝනී පවසා ඇත්තේ, පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි වැඩි පිරිසක් ඇල්ෂයිමර් රෝගයට ගොදුරුවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන බවය. ඇය මේ බව පෙන්වා දෙන්නේ ඇල්ෂයිමර් රෝගීන් සම්බන්ධයෙන් ලොව රටවල් රැසක කළ පර්යේෂණ වාර්තා ද උපුටා දක්වමිණි.

‘වයසට යෑමේදී කාන්තාවන්ගේ සිරුරේ සිදුවන ස්වභාවික වෙනස්වීම්වලින් එකක් ඔසප් චක්‍රය නතරවීම. (ආර්තවහරණය ලෙස ද මෙය හැඳින්වෙයි) ඒ සමඟම, සිරුරේ හොමෝන වෙනස් වීම් සිදුවෙන්න පටන් ගන්නවා. මනසේ ක්‍රියාකාරිත්වයට ඊට සෘජු බලපෑම් එල්ල වෙනවා.

ඒ අනුව පිරිමින්ට වඩා කන්තාවන් වැඩියෙන් ඇල්ෂයිමර් රෝගී තත්ත්වයට ගොදුරු වන බව සිදු කළ සායනික පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා. ඇල්ෂයිමර් රෝගීන්ගෙන් තුනෙන් දෙකක් කාන්තාවන් බව අපට හඳුනා ගැනීමට හැකිවුණා.’ යැයිවෛද්‍ය ලීසා මැස්කෝනී පැහැදිලි කරයි.

නැෂනල් ඉන්ක්වයරර් ඇසුරිනි.


RECOMMEND POSTS