මිතුරුකම ආදරය වූ කළ ...



 
ජාත්‍යන්තර තලය ජයගත් මැණිකේ මගේ හිතේ ගීතයට අමතරව දුලාන්ගේ දකින දකින, මගේ, නෑරම , නෑසුනා, ලෙලෙනා, නාදෙන්, රූසිරි, ඩ්‍රාමා කුයින්, රැප් මල්සරා ආදී ගීත 40 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට රචනා කර තිබේ.
 
ඇතැම් ගීත වලට ඔහු ගීත ගායනය සහ රැප් ගායනයෙන්ද සම්බන්ධ වී තිබේ. ඔහුගේ අලුත්ම ගීතය වන මන්දිරේ හදේ ගීතය මේ වන විට ලක්ශ 4 කට අධික Youtube නැරඹුම්වාර ප්‍රමාණයක් ලබා තිබේ. දින 3 කට පෙර Youtube වෙත මුදා හැරි මෙම ගීතය අද වන විට (2024.05.12 ) මෙම ගීතය Youtube Trending 2 වන ස්තානයේ රැඳී තිබෙය.
 
 
මිතුරුකම සහ ආදරය අතර ගොඩනැගුන සම්බන්ධතාවක් පිළිබඳ ගීතය ලියැවී තිබේ. සමාජයේ බොහෝ දෙනා අසරණ වෙන මෙම අවස්තාව මෙම ගීතයෙන් ගෙනහැර දක්වයි. මිතුරුකම ආදරයට හැරුනු පසු ආදර ඇරයුමක් සිදු කළොත්, ඒ මිතුදමට එයින් බාධාවක් වේවිදෝ යි යන සිත දැවෙන ප්‍රශ්නය වටා මෙම ගීතය දිවෙයි.
 
මෙහි දැකගත හැකිවන විශේෂත්වය වන්නේ මනා අයුරින් පද රචනය, සංගීත නිර්මාණය, රූප රචනය යන ත්‍රිත්වයම ගසට පොත්ත සේ නිසි ලෙස ගැලපීමය. මෙහිදී අප රූප රචනය දෙසට අවධානය යොමු කිරීමේදී අපට දැකගත හැකිය. ගීතය ශබ්ද විරහිතව රූප රාමු පමණක් නැරඹුවත් පද රචනයේ තේරුමම රූප රචනය මගින් දැක්වේ. මෙහිදී රූපරචකයා ඉතා සාර්ථක වී ඇති බව අපට කිව හැකිය.
 
තවද ගීත ගායනය සහ රැප් ගානයන යන ද්විත්වයම එක් පුද්ගලයෙක් ගායනා කරන බැවින් එම අවස්ථා දෙකට සැරින් සැරේ හුවමාරු වීම රූප රචනයේදී ඉතාමත් අලංකාරවත් ලෙස මෙහිදී ඉදිරිපත් කරනු ලබයි. ව්‍යංග්‍යර්ථයෙන් ඉදිරිපත් කරනු ලබන සියුම් රූප දර්ශන ලෙස අවධානය යොමු කිරීමේදී අපට පෙනෙන්නේ රූප රචනයෙන් ගීතයට උපරිම සාධාරණය සිදු කර ඇති අන්දමය.
 
හුදකලාව පොතේ සටහනක් ලියමින් හිඳ පොත ඇයගේ අතට දෙන අවස්ථාවේ පොත සමග සුදු රෝස මලක් බිමට වැටෙය. වැටී එය නොදැනුවත්වම පයට පෑගෙයි. එමගින් පෙන්වන්නේ අප්‍රකාශිත පිවිතුරු ප්‍රේමයය. මල පයට පෑගී පොළවට පස් වනවා සේම. අප්‍රකාශිත පිවිතුරු ප්‍රේමයද පොළවට පස්වෙයි. සුදු රෝස මල පයට පෑගී යෑම. මෙය ප්‍රේමයේ අසුබ නිමිත්තක් ලෙසද ගත හැකිය.
 
තවද නිදහසේ අඹරේ පියඹන සුදු පරවියෙකුගේ පිහාටුවක් අහසෙන් වැටෙද්දී ඉතා ආසාවෙන් ඒ වෙත දිව ගොස් එය ඉතා ආශාවෙන් ගෙන ඔහු අත තබයි. එයින් ව්‍යංග්‍යර්ථවත්ව කියැවෙන්නේ ඇයගේ ආශාවය. නිදහසේ සැහැල්ලුවෙන් තම හීන කරා යෑමය. තම ආශා, හීන සේම එම පිහාටුවද ඔහුගේ අත මත තබයි. අවසානයේ අප්‍රකාශිත ප්‍රේමය සමගම ඇයගේ හීන වලට ඉඩදීම පෙන්න්නුම් කිරීමට පිහාටුව ද සටහන ද දෙකම ඇයට පිරිනමයි. පසුව දෙදෙනා දෙඅතක ගමන් කරයි ඔව්න් දෙදෙනා මාවත් දෙකක යන බව නැතහොත් අරමුණු දෙකක සිටින බව එයින් පෙන්වයි. අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීම, ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වෙත ගමන් කරන ඇයට ගෞරවයෙන් සමුදීම අවසානය වෙයි.
 
පද රචනය , ගායනය සහ සංකල්පය : දුලාන්ජ අල්විස් ( දුලාන් ARX )
සංගීතය : සංජුල හිමාල
පසුබිම් ගායනය : සයුමි මුල්ලේගම
මැන්ඩලින් වාදනය : නටාෂා නිර්මාණි
තිර රචනය සහ අධ්‍යක්ෂණය : ප්‍රවීන් සමරතුංග
කැමරා කරණය : ඉරුශ්ක බෝගොඩ
රංගනය : අංජලී ජයසිංග සහ දුලාන් ARX
වීඩියෝ සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග : නික් ලියෝස්
ඩ්‍රෝන් ක්‍රියාකරු : චමෝද් කවිඳු
නිෂ්පාදන කළමනාකරු : උමංග අනුරාධ
ඡායාරූපකරණය : ලක්ෂාන් නුවන්
 
සටහන - ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS