සේවයට පැමිණීමේ තුන්වන අදියරය ඇරඹේ



ජෝර්දාන රාජ්‍ය අංශයේ සේවකයන් නැවත සේවයට පැමිණීමේ තුන්වන අදියර ලබන සතියේ ආරම්භ වන බව වාර්තා වේ.

සතිය පුරා සියළුම සේවකයන් සේවයට ගෙන්වා ගැනීමට සියළුම රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු බව සිවිල් සේවා කාර්යාංශයේ සභාපති, සමේ අල්-නසාර් ප්‍රකාශ කළේ ය.

රෝගීන්, ගර්භනී මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සේවයට පැමිණීම අනිවාර්ය නොමැති බවත්,

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සභාපතිවරයා ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබ්නිව්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS