යේමනයේ සිසුන් 300කට ශ්‍රවනාධාර



සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය යේමනයේ සිසුන් 300කට ශ්‍රවනාධාර ලබා දී ඇති බව වාර්තා වේ.

යේමනයේ ඒඩන්, අබියන් සහ හැඩ්රැමවුට් යන නගර තුනක පාසල් සිසුන් පරීක්ෂා කර අවශ්‍ය ශ්‍රවනාධාර ලබාදීමට කටයුතු කර ඇත.

යේමනයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ නූගත්කම තුරන් කිරීම සහ අධ්‍යාපන ආයතන මුහුණ දෙන ප්‍රධාන අභියෝගවලට විසඳුම් සෙවීම, අධ්‍යාපන අංශයට සහාය වීම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ සියලු ක්ෂේත්‍රවල විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට උපකාර කිරීම සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය යේමනයේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියේ ඇති විශේෂත්වයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර )

RECOMMEND POSTS