තුර්කි අන්කාරා අගනුවර පිපිරිමක්: වෙඩි තැබීමක්



තුර්කියේ අන්කාරා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඉදිරියේ සිය බෝම්බ කබාය පුපුරුවා ගත් බව පැවැසෙයි.

ඒ සමඟ දෙවැනි බෝම්බකරු වෙඩි තැබීමට පටන්ගෙන ඇත. ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ක්‍රියාත්මක වී වෙඩි තබා එම ත්‍රස්තවාදීයා මෙල්ල කරගත්තේය.

තුර්කි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇත්තේ ද  අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය අසලය. ගිම්හාන නිවාඩුවෙන් පසු තුර්කි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබුණේ අද (1) දිනයේය. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරැණි.


RECOMMEND POSTS