ජගත් සංවිධානයේ සිවු දෙනෙක් පැහැර ගැනෙති



තම කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනකු දකුණුදිග යේමනයේ දී පැහැරගෙන ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මොවුන් ක්ෂේත්‍ර මෙහෙයුමක් අවසන් කරමින් ඒඩන් නුවර බලා පැමිණෙමින් සිටිද්දී පැහැර ගැනීමට ලක් වී ඇතැයි ද පැවැසෙයි. පැහැර ගැනීම සිදුවී ඇත්තේ ‘අබ්යාන්’ පළාතේදීය.

පැහැර ගැනීම සිදු කළ පුද්ගලයන් ගැන මෙතෙක් වාර්තා වී නැත. යේමනයේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, යේමන රජය සහ රජයට එරෙහිව සටන් වදින ‘හවුති’ කැරැලිකරුවන් අතරේය.

හවුති කැරුලිකරුවන්ට ඉරානයේ ද සහාය ලැබේ. යේමන රජයට සහාය දක්වන්නේ සෞදි අරාබියයි. යේමනයේ සිවිල් යුද ගැටුම් පවතින්නේ 2015 වසරේ සිටය.

(රොයිටර්)


RECOMMEND POSTS