ගුවන්යානය ආරක්ෂිතව ආපසු ඇවිත්



කුවේටයේ සිට බොස්නියා සහ හර්සගොවිනා බලා පිටත් වූ ගුවන් යානයක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ආරක්ෂිතව ආපසු පැමිණ ඇති බව වාර්තා වේ.

ගුවන් කාර්ය මණ්ඩලයේ සහ ගුවන් මඟීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගුවන්යානය ආපසු ගෙන්වා ගැනීමට පියවර ගත් බවත්, ගුවන් මඟීන්ට සිය ගමනාන්ත වෙත යෑම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දුන් බව කුවේට් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

ගුවන්යානයේ ඇති වු කාර්මික දෝෂය සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ බවත්, ගුවන් මඟීන්ගේ අවබෝධය සහ සහයෝගිතාවයට කෘතඥතාව පළ කරන බව ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS