එමිරේටස් ආරක්ෂක උපදේශක වොෂින්ටනයේ



අබුඩාබි නියෝජ්‍ය පාලක සහ ජාතික ආරක්ෂක උපදේශක ෂෙයික් තහ්නූන් බින් සයිඩ් අල් නහියන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් හමු වී ඇති බව වාර්තා වේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.

මැදපෙරදිග කලාපීය හා ගෝලීය වර්ධනයන් මෙන්ම මැදපෙරදිග තුළ දැනට පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ස්ථාවර සැළැස්මක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS