ඉරානයෙන් යේමනයට ආයුධ



ඉරානයෙන් යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට අවි ආයුධ ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා නගයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙසේ චෝදනා නගා ඇත්තේ අරාබි මුහුදේ දී කුඩා යාත්‍රා මගින් ප්‍රවාහනය කරමින් තිබුණු නීතිවිරෝධී අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.

එම යාත්‍රා සියල්ල ඉරාන වරායක සිට යේමනය බලා යාත්‍රා කරන්න වූ බව වැඩිදුර විමර්ශනවලදී තහවුරු වී ඇත.

2014 වසරේ ආරම්භ වුණු යේමන අර්බුදයේ දී, සෞදි හිතවාදී යේමන රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා හවුති සටන්කාමීන්ට සහාය දක්වන්නේ ඉරානයයි. යේමන රජයට සහාය දක්වන්නේ සෞදි හමුදාවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS