අතහැර දැමූ මෝටර් රථයක් තුළ දරුවා මිය ගිහින්
කුවේටයේ තම නිවස අසල අතහැර දමා ගිය මෝටර් රථයක් තුළ සිරවීමෙන් සිව් හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
ඔහුගේ හත් හැවිරිදි සහෝදරයා බරපතල තත්ත්වයේ පසුවන අතර, ප්රදේශවාසීන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.
නිවස අසල දිගු කලක් අතහැර දමා තිබූ මෝටර් රථය අසල සෙල්ලම් කරමින් සිටියදී අහම්බෙන් ඇතුළත සිරවී ඇති බව සැලකේ.
දරුවන්ගේ පියා ඔවුන් අතුරුදන් වී ඇති බව බලධාරීන්ට වාර්තා කර ඇති අතර, අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරයි.
ජානක ප්රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)