හොඳම ගුවන්තොටුපොළවල් 100 අතරට

මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලොව හොඳම ගුවන්තොටුපොළවල් 100 අතරට පැමිණ ඇති බව වාර්තා වේ.
එක්සත් රාජධානියේ ජනප්‍රිය ශ්‍රේණිගත කිරීමේ වෙබ් අඩවියක් වන Skytrax විසින් ලොව හොඳම ගුවන් තොටුපළ 100 අතරට මස්කට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත වරක් නම් කර ඇත.
මස්කට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිට පිටම දෙවැනි වරටත් ගෝලීය වශයෙන් 42 වැනි ස්ථානය හිමි කරගෙන ඇති අතර, සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ ප්‍රථම ස්ථානය ද, දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවැනි ස්ථානය ද ටෝකියෝ ගුවන් තොටුපළ තෙවැනි ස්ථානය ද, සෝල් ගුවන් තොටුපළ සිවුවැනි ස්ථානය ද හිමි කර ගෙන ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

