හමාස් සංවිධානය ට්‍රම්ප් ගැන පැහැදීමකින්



ගාසා තීරයේ පලස්තීනුවන් සම්බන්ධයෙන්, ට්‍රම්ප් කළ ප්‍රකාශයක්, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානයේ පැසැසුමට හේතුවක් වී ඇත.

මීට පෙර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමඟ එක් වී, ට්‍රම්ප් යෝජනා කළේ ගාසා තීරයේ පලස්තීනුවන් බලහත්කාරයෙන්, වෙනත් තැනක පදිංචි කරවා ගාසා තීරය සංවර්ධනය කිරීමේ වගකීම බාර ගන්නා බවය.

කෙසේ නමුත් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී, අයර්ලන්ත අග්‍රාමාත්‍ය ටීෂර් මයිකල් හමුවීමෙන් පසු ට්‍රම්ප් පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ඔහු අවධාරණය කළේ පලස්තීනුවන් බලහත්කාරයෙන් කිසිම තැනකට යොමු නොකරන බවය.

ගාසා තීරය සංවර්ධනය කර, පලස්තීනුවන්ට ලබා දීමට තමන් ඉදිරිපත් කළ අදහස ක්‍රියාත්මක වනු ඇත්තේ ගාසා පලස්තීන වැසියන්ගේ කැමැත්ත අනුව පමණක් යැයි ද ට්‍රම්ප් එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබුණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS