වඳ වී යෑමේ සතුන් 30 කට නිදහස



කුවේටය වඳ වී යෑමේ තර්ජනයට ලක් ව සිටින සතුන් 30කට අධික සංඛ්‍යාවක් කාලිඩ් රජු රාජකීය රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවලට බෝ කිරීම සහ නැවත හඳුන්වා දීම සඳහා වන වැඩසටහන්වල කොටසක් ලෙස මෙම සතුන් පිරිස රාජකීය රක්ෂිතයට මුදාහැර ඇත.

ඉමාම් අබ්දුලාසිස් බින් මොහොමඩ් රාජකීය රක්ෂිත සංවර්ධන අධිකාරිය සමඟ සහයෝගයෙන් ජාතික වනජීවී මධ්‍යස්ථානය මෙම සතුන් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

රක්ෂිතයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීම, පාරිසරික සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීම, තිරසාරභාවය වැඩි දියුණු කිරීම සහ පරිසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS