තවත් සිරකරු හුවමාරුවක්



ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වීමත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් තිදෙනකු අවස්ථා දෙකකදී නිදහස් කළේය.

ඊට සමගාමීව, ඊශ්‍රායල රජය ඔවුන්ගේ අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරුවන් 183 දෙනකු නිදහස් කළ බවත්, එම පිරිස ගාසා තීරයට බස් රථවලින් රැගෙන යනු ලැබූ බවත් වාර්තා වේ.

හමාස් ග්‍රහණයේ සිට නිදහස ලැබූ තිදෙනාගෙන් එක් අයකු ඊශ්‍රායල ප්‍රංශ ද්විත්ව පුරවැසිභාවය ඇති අයකෙි. ඔහු ඔෆෙර් නෙල්ඩරෝන් නමැත්තාය. අනෙක් දෙදෙනා ඊශ්‍රායල ජාතිකයන්ය. මොවුන් ඊශ්‍රායල හමුදාවට යොමුකිරීම සිදුවූයේ රතු කුරුස සංවිධානය හරහාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS