අල්ලස් ඉල්ලූ ගුරුවරයාට සිර දඬුවම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික පාසල් ගුරුවරයෙකුට වසර තුනක සිරදඩුවම් සහ ඩිරාම් 5,000ක දඩයක් අධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

විභාග ප්‍රතිඵල වෙනස් කිරීම සහ අසාධාරණ ලෙස සිසුන්ගේ ශ්‍රේණි ඉහළ නැංවීම සඳහා  ගුරුවරයා අල්ලස් ඉල්ලා ඇත.

ගුරුවරයා අපරාධය කළ බවට සාක්ෂි සොයා ගැනීමත් සමඟ රජයේ පැමිණිල්ල විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර එය විශේෂිත අපරාධ අධිකරණයට යොමු කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS