සෙනසුරුගේ අතුරුදන් වීම



රෑ අහසේ තරු බොහොමය. ඒ තරු අතරේ අප සෞරග්‍ර මණ්ඩලයේ ග්‍රහ වස්තූන් ද වෙයි. නිවි නිවී දීප්තියෙන් දැල්වෙන්නේ තරු වන අතර, ග්‍රහලෝක නිවි නිවී දැල්වීමකින් තොරව ආලෝකය විහිදුවයි. රෑ අ​හසේ පියවි ඇසින් හොඳින්ම දැක ගැනීමට හැකිවන ග්‍රහ වස්තූන් වන්නේ බුද, සිකුරු සහ අඟහරුය. විශාලතම ග්‍රහයා වන බෘහස්පති සහ වළලුවලින් හැඩ ගැන්වුණු සෙනසුරු ද පෘථිවියට ළං වන අවස්ථාවල පියවි ඇසින් දැක ගැනීමට පුළුවනි. අනෙක් ග්‍ර​හලෝක වන නෙප්චූන් සහ යුරේනස් ඇත්තේ පෘථිවියේ සිට බොහෝ දුරිනි.  එහෙයින්, ඒවා දුරේක්යකින් තොරව, පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකිය. පසුගිය 25 වැනිදා රාත්‍රියේ, සෙනසුරු ග්‍රහයාට ඇබැද්දියක් සිදුවිය. ඒ, එය මිනිත්තු 49 ක් රාත්‍රී අහසින් සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමය.

පසුගිය දිනවල රාත්‍රී අහස නිරීක්ෂණය කරද්දී, සෙනසුරු සෙමින් සෙමින් සඳ පිහිටි ස්ථානය දෙසට ළං වන බව පෙනුණි. පසුගිය ජූලි 24 වැනිදා සෙනසුරු චන්ද්‍රයාට ඉතාමත් ආසන්න විය. 25 වැනිදා අලුයම් කාලයේ, පෘථිවියත් චන්ද්‍රයාත් සෙනසුරු ග්‍රහලොවත් එක එල්ලේ පිහිටියේය. චන්ද්‍රයා සෙනසුරු ඉදිරියෙන් ගමන් කළේය. ජූලි 25 වැනිදා අලුයම 12.50 සිට පාන්දර 2 ක වනතුරු සෙනසුරු ග්‍රහයා ගමන් කළේ චන්ද්‍රයාට පිටුපසිනි. රාත්‍රී අහසේ  සෙනසුරු පෙනෙන්න තිබුණේ නැතත සෙනසුරු අතුරුදන් වූයේ එලෙසිනි. තාරකා විද්‍යාඥයන් මෙම දුර්ලභ සන්සිද්ධිය නම් කළේ, චන්ද්‍ර  සෙනසුරු මුවාවීම  (Luna occultation of Saturn) යනුවෙනි. මෙම දුර්ලභ අවස්ථාව දිස්වූයේ ආසියානු සහ අප්‍රිකානු කලාපීය රටවල් කීපයකට පමණක් වුණු අතර ආසියානු රටවල් ඒ අතර විය. ශ්‍රී ලංකාවේ ​අපට ද එය දැක ගැනීමට හැකිවීම වාසනාවකි.  

සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාලතම ග්‍රහලෝකය සෙනසුරුය. සෙනසුරු වායුමය ග්‍රහලෝකයකි. අගහරුවලින් පසු තියෙන ග්‍රහලෝක සියල්ල වායුමය ග්‍රහලෝක බව අමුතුවෙන් කිව යුතු නැත. සෙනසුරු ද එයින් එකකි. වායු ග්‍රහලෝකයක් යනු පොළොවක් නැති වායුම විතරක් පවතින ග්‍රහලෝකයකි. වළලු පද්ධතියක් ඇති බැවින් සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා ද වෙයි. වලලු නිර්මාණය වී ඇත්තේ, අවට ඇති දූවිලි අංශු සෙනසුරුගේ ගුරුත්වාකර්ෂණය බලයට හසුවී සෙනසුරු වටා යෑමෙනි.

සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්‍රජන් විශාල ප්‍රමාණයක් හීලියම් සුළු ප්‍රමාණයක් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක එකතුවෙනි. අභ්‍යන්තරය කුඩා පාෂාණ හා අයිස්වලින් යුත් කුඩා හරයකින් සමන්විත ඝන ස්ථරයකි. එය වටා ලෝහමය හයිඩ්‍රජන් හා වායුමය ස්ථරයක් පවතී. බාහිර වායුගෝලය පෙණුමෙන් උදාසීන මුත් දීර්ඝ කාලීන ජීව අංශ ඇති විය හැකිය. බ්‍රහස්පති මත සුළගේ වේග‍යටත් වඩා වැඩි සුළගක් සෙනසුරු මත ඇති අතර එය ඇතැම් විට පැයට කිලෝමීටර 1800 තරම් යැයි පැවැසෙයි. සෙනසුරුට ග්‍රහ චුම්භක ක්ෂේත්‍රයක් පවතින අතර එහි ශක්තිය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට වඩා වැඩි අතර බෘහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රයට වඩා අඩුය.

සෙනසුරුට සූර්යා වටා එක වටයක් යෑමට, පෘථිවියේ වර්ෂවලින්, අවුරුදු 29යි මාස 5ක් ගතවෙයි. සූර්යයාගේ සිට සෙනසුරුට ඇති දුර කිලෝමීටර් බිලියන 1.4 කි. තව මෙයා තත්පරයට කිලෝ මීටර් 9.69 ක වේගෙන් පරිභ්‍රමණය වෙයි. හිරු වටේ යෑමට සෙනසුරුට වෙහෙස වීමට සිදුවන්නේ මේ නිසාය. සෙපනසුරුට චන්ද්‍රයෝ 61 කි. ‘එන්ස්ලඩස්’, ‘ටයිටන්’ වැනි  චන්ද්‍රයන් ප්‍රධාන චන්ද්‍රයන් ලෙස සැලකෙයි. වායු ග්‍රහයකු බැවින් සෙනසුරුමත ජීවයක් නැත. ජීවය පැවැතීමට ඉඩක් ද නැත.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS