ලෝකය විනාශ වෙන්නේ මෙහෙමයි
අපේ අවසානය, එසේත් නැතිනම් ලෝකයේ අවසානය සිදුවන්නේ කෙසේද? පරිගණක සහ ජංගම දුරකතන අපේ දෛනික ජීවිතයේ කොටස්කරුවන් නිසාත්, අප ජීවත් වන්නේ ඩිජිටල් යුගයක නිසාත් කෘත්‍රිම බුද්ධියක්, අප විනාශ කර,ලෝකයත් විනාශ කරාවිද? එසේ නැතිනම් ලෝක බලවතුන් එකිනෙකා සමඟ යුද්ධ කරද්දී, එම යුද්ධය න්‍යෂ්ටික යුද්ධක් බවට පරිවර්තනය වී ලෝකයේ විනාශය සිදුවේවිද? මේ කියන්න හදන්නේ තාරකා විද්‍යාඥයන්ගේ අනාවැකියකි. අප පෘථිවිය පමණක් නොවෙයි, අප සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වී යන ආකාරය විද්‍යාඥයන් පුරෝකතනය කරන්නේ මේ අයුරිනි. බය වෙන්න දෙයක් නැහැ. මෙම විනාශය සිදුවන්නේ අද හෙට හෝ තව අවුරුදකින් දෙකකින් නම් නොවෙයි, අවුරුදු බිලියන පහක් අනාගතයේ දිනයකය.
කෘත්‍රිම බුද්ධියකින් එල්ල වන තර්ජනයක්, න්‍යෂ්ටික යුද්ධයක්, මොනයම් ක්‍රමයකින් හෝ නවත්වා ගන්න පුළුවන් වුණත්, මේ විනාශයෙන් නම් පෘථිවියට ගැලවීමක් නැහැ. මෙය සිදුවන්නේ වසර බිලියන 5 ක් අනාගතයේ දිනයක, අපගේ හිරු (හිරු යනු තරුවකි) රතු යෝධයකු එසේත් නැතිනම් රතු යෝධ තාරකාවක් බවට පත්වෙයි. ඉන්පසු සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්, චන්ද්‍රයන් ද ඇතුළු ග්‍රහ වස්තූන් එය ගිල දමනු ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ අවසානයත් පෘථිවියේ අවසානයත් ඒ අනුව සිදුවෙයි. මෙය බිහිසුණු සිදුවීමක් වනු නිසැකය. ඒත් කලින් කී පරිදි අපට මේ ගැන බිය වෙන්න දෙයක් නැහැ.
“සෞරග්‍රහ මණ්ඩලය විනාශ වෙන්නේ, අප පෘථිවියේ විනාශය සිදුවන්නේ මේ අයුරින්. සූර්යයා රතු යෝධයකු බවට පත් වීමෙන් පසුවයි. ඒ නිසා අපට තව කල් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ.” ග්‍රීන්විච් රාජකීය නිරීක්ෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය එඩ්වඩ් බ්ලූමර් පවසයි. සූර්යයා රතු යෝධයකු වී සියල්ල විනාශ වන අයුරු, ග්‍රැපික් සටහන් සහ චිත්‍ර ද සමඟ ලොවට පැහැදිලි කරන්නේ මොහුය.
අප සූර්යාය එසේත් නැනම් හිරු යෝධ න්‍යෂ්ටික උදුනක් වැනිය. අනෙක් තරු සේම, ගුරුත්ව බලය යටතේ, හිරු තුළ ද හීලියම් පරමාණු එකිනෙක ගැටීමක් සිදුවෙයි. හිරුගේ අති විශාල ගුරුත්වාකර්ෂණ බලයට නිසයි, සෞරග්‍රහ මණ්ලයේ සෙසු ග්‍රහලෝක අට සහ වෙනත් අභ්‍යවකාශ වස්තූන් ඒවාට නියමිත ස්ථාවල රැඳී තිබෙන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක අට වන්නේ, (සූර්යයාගේ සිට) පිළිවෙළින්, බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්ය.
ඔබව මේ සටහන කියවන මොහොතේ, හිරුගේ න්‍යෂ්ටික විලයනවලින් Nuclear Fusion, ජනනය වන න්‍යෂ්ටික ශක්තිය, තාපය ලෙස විශ්වයට මුදා හැරීමක් සිදුවෙයි. සිකුරුගෙන් ඔබ්බට, අප පෘථිවිය ද පසු කරමින්, අඟහරුගේ කක්ෂය දක්වා මේ තාපය විහිදීමක් සිදුවෙයි. හිරුට වඩාත් ළං නොවී, වඩාත් ඈත් නොවී, හිරුගේ තාපය එසේත් නැතිනම් උණුසුම අඩුත් නැතිව වැඩිත් නැතිව ලැබෙන ස්ථානයක ඇත්තේ අප පෘථිවිය සහ අඟහරුය. පෘථිවියේ ජීවය පහළ වූයේ ජීවය බිහිවීමට, පැවැතීමට හිතකර උණුසුමක් හිරුගෙන් ලැබෙන බැවිනි. අඟහරුවල ජීවයක් නැත. අතීතයේ ජීවය පවතින්න ඇතැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
තව වසර බිලියන 5.5 ක් යද්දී, හිරු රතු යෝධයකු වී, මෙය වෙනස් වන බව තාරකා විද්‍යාඥ ආචාර්ය එඩ්වඩ් බ්ලූමර් පැහැදිලි කරයි. මෙය සිදුවන්නේ, සූර්යයා තුළ ඇති හයිඩ්‍රජන් අවනස් වූ විටය. හයිඩ්‍රජන් අවසන් වූ විට, න්‍යෂ්ටික වියලනයක් සිදු වන්නේ නැත. සූර්යයා යනු හුදෙක් ඝණ වස්තුවක් නොව, මුලුමනින්ම වායු වලින් සමන්විත විශාල වස්තුවකි. මූලික වශයෙන් සූර්යයගේ ඇත්තේ හයිඩ්‍රජන් (H) සහ හීලියම් (He) ය. විශාල වායුමය වස්තුවක් වූවත් සූර්යයා ගෝලාකාර ලෙස ස්ථාවරව පවතිනුයේ, එහි කේන්ද්‍රය දෙසට ක්‍රියාත්මක වන ගුරුත්ව බලය සූර්යයා මගින් ඇති කරනු ලබන තාප ශක්තිය මගින් ගොඩනැගෙන බලය, මැඩ පවත්වා ගැනීමෙනි. මෙලෙස ගොඩනැගෙන සමතුලිතතාවය Hydrostatic Equilibrium යනුවෙන් හැඳින්වෙයි.
සූර්යයා තමන්ගේ තාප ශක්තිය නිපදවා ගන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසිනි. සරලව පෙන්වා දුන්නොත්, හයිඩ්‍රජන් පරමාණු 4 ක් එක් කරමින් හීලියම් පරමාණුවක් නිපදවීමේ න්‍යශ්ටික ප්‍රතික්‍රියාමය ක්‍රමයෙනි. සූර්යයා සතුව ඇති විශාල හයිඩ්‍රජන් ප්‍රමානයක් පවතින අතර මෙම ප්‍රමාණය සූර්යයා ඉතා විශාල සීඝ්‍රතාවයකින් යුතුව පරිභෝජනය කරයි. සූර්යයා තුළ ඇති හයිඩ්‍රජන් අවසන් වෙද්දී, සූර්යයාගේ හරය බිඳ වැටීමට පටන් ගනී. ඒ, Hydrostatic Equilibrium සමතුලිතතාව නැතිවී යයි. එවිට සූර්යයාගේ පිටත ස්ථර, සූර්යයාගේ ඇතුළට කඩා වැටීමක් සිදුවෙද්දී, පීඩනය සහ තාපය ත්‍රීව වෙයි. නැතිනම් වැඩිවෙයි. හයිඩ්‍රජන් නොමැති බැවින්, හීලියම් පරමාණු කාබන් බවට විලයනය වෙයි. පිපිරුමක් මෙන්, සූර්යයා තාපය මුදා හැරීමට පටන් ගන්නේ එය බැලුමක් මෙන් විශාල වීමෙනි. පවතින තත්ත්වයට වඩා විශාල වන්නේ රතු පැහැයක් ගනිමිනි. දැන් අප සූර්යයා රතු තරුවකි. සුර්යයා මෙසේ විශාල වෙද්දී, ග්‍රහලෝක එකිනෙක සූර්යයා විසින් ගිල ගනී. නැතිනම් විනාශ වෙයි. සෞරග්‍රහ මණ්ඩලය විනාශ වී යන්නේ එලෙසිනි.
ආචාර්ය එඩ්වඩ් බ්ලූමර් පෙන්වා දෙන ආකාරයට, වර්තමානයේ, හිරුගේ විෂ්කම්භය කිලෝ මීටර් මිලියන 1.4 කි. අනාගතයේ දිනෙක එය පිම්බී රතු යෝධයකු වෙද්දී, දැනට පවතින ප්‍රමාණයට වඩා 200 ගුණයකින් විෂ්කම්භය වැඩිවෙයි. එවිට විෂ්කම්භය කිලෝ මීටර් මිලියන 300 ක් වනු ඇත. හිරු ආසන්නයේම ඇති ග්‍රහයන් දෙදෙනා වන සිකුරු සහ බුද බොහොම පහසුවෙන් හිරුට හසුවී විනාශ වනු ඇත. පෘථිවිය පිහිටන්නේ, හිරුගේ සිට තෙවැනි ග්‍රහලෝකය ලෙසය. හිරුගේ සිට පෘථිවියට ඇති දුර කිලෝ මීටර් මිලියන 148.22 කි.
බුද සහ සිකුරු ගිල්ල පසු, හිරුගේ මීළඟ ගොදුර වන්නේ පෘථිවියයි. හිරු විශාල වී ප්‍රසාරණය වෙමින් පෘථිවියට ළං වෙද්දී, පෘථිවි වායු ගෝලය සැණින් විනාශ වෙයි. සාගර සියල්ල බුබුළු දමමින්, වාෂ්ප වී යයි. ඉතිරි වනු ඇත්තේ ජීවය රහිත අඟුරු කැබැල්ලක් පමණි. පෘථිවියට පසුව අඟහරුට අත්වන්නේ ද පෘථිවියට අත්වන ඉරණමයි. අඟහරුගෙන් එපිට ඇත්තේ බෘහස්පති, සෙනසුරු වන බාහිර් ග්‍රහයන්ට පවා රතු යෝධ හිරුගෙන් ගැලවීමක් ලැබෙන්නේ නැත. මේවායේ ද පිටත ස්ථර සූර්යයා විසින් උරා ගැනීමක් කරයි. යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන් පිටතට තල්ලු වී විසිවී යනු ඇත. ඒ, සෞරග්‍රහ මණ්ඩලයේ අවසානය සනිටුහන් කරමිණි.
ඩේලිමේල් ඇසුනි