නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය



ඉන්දියාව සිය 76 වැනි නිදහස් සැමරුම පසුගිය අගෝස්තු 15 දා ඉතා අභිමානවත් ලෙස සමරන ලදී.
ඉන්දීය නිදහස් සටනේ සාඩම්බර මතකයන් බැදී ඇති නව දිල්ලි නුවර රතු බලකොටු පවුරේ සිට මෝදි
අගමැතිවරයා ජාතිය අමතන ලදී. මෝදි එහිදී පවසා සිටියේ වර්ෂ 2047 දී, එනම් ඉන්දියාව 100 වැනි
නිදහස් සැමරුම සිදු කරන විට භාරත දේශය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බවයි.

2047 වර්ෂය වන විට ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉලක්කයන් මුදුන්පත් කර ගැනීමට
අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු අභිමානයෙන් යුතුව සදහන් කරන ලදී. එම සංවර්ධන
අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට යෙදූ ප්‍රායෝගික විසඳුම් ලෙසට ආනයන භාණ්ඩ මත යැපීම සීමා
කිරීම හා දේශීය නිෂ්පාදනය වැඩිකර ගැනීමට ගන්නා ලද පියවරයන් බොහෝ පැසසුමට ලක්ව ඇත.
ඩොලර් ටි්‍රලියන 2.7 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහිත ලොව හයවන විශාලතම ආර්ථිකයට හිමිකම්
කියන ඉන්දියාව දැනට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වර්ගීකරණය කර ඇත.

රටක සංවර්ධන අභියෝග ජය ගැනීමේදී එරට විදේශ ප්‍රතිපත්තිය සදහා ප්‍රමුඛ තැනක් හිමිවෙයි.
එබැවින් මෝදි බලාපොරොත්තු වන සංවර්ධන අභියෝගය ජයග්‍රහණය කිරීම තම විදේශ ප්‍රතිපත්තියේ
දිශානතිය අනුව තීරණය වෙයි. රටක විදේශ ප්‍රතිපත්තියෙහි ප්‍රධාන මූලධර්මය ජාතික අභිලාෂයන් ඉෂ්ට
කර ගැනිම වන අතර එය මෝදි අගමැතිවරයාගේ දේශපාලන දර්ශනයේ එක් අංගයක් වී හමාරය.

නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය
ඉන්දියාව සිය 76 වැනි නිදහස් සැමරුම පසුගිය අගෝස්තු 15 දා ඉතා අභිමානවත් ලෙස සමරන ලදී.
ඉන්දීය නිදහස් සටනේ සාඩම්බර මතකයන් බැදී ඇති නව දිල්ලි නුවර රතු බලකොටු පවුරේ සිට මෝදි
අගමැතිවරයා ජාතිය අමතන ලදී. මෝදි එහිදී පවසා සිටියේ වර්ෂ 2047 දී, එනම් ඉන්දියාව 100 වැනි
නිදහස් සැමරුම සිදු කරන විට භාරත දේශය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බවයි.
2047 වර්ෂය වන විට ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉලක්කයන් මුදුන්පත් කර ගැනීමට
අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු අභිමානයෙන් යුතුව සදහන් කරන ලදී. එම සංවර්ධන
අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට යෙදූ ප්‍රායෝගික විසඳුම් ලෙසට ආනයන භාණ්ඩ මත යැපීම සීමා
කිරීම හා දේශීය නිෂ්පාදනය වැඩිකර ගැනීමට ගන්නා ලද පියවරයන් බොහෝ පැසසුමට ලක්ව ඇත.
ඩොලර් ටි්‍රලියන 2.7 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහිත ලොව හයවන විශාලතම ආර්ථිකයට හිමිකම්
කියන ඉන්දියාව දැනට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස වර්ගීකරණය කර ඇත.
රටක සංවර්ධන අභියෝග ජය ගැනීමේදී එරට විදේශ ප්‍රතිපත්තිය සදහා ප්‍රමුඛ තැනක් හිමිවෙයි.
එබැවින් මෝදි බලාපොරොත්තු වන සංවර්ධන අභියෝගය ජයග්‍රහණය කිරීම තම විදේශ ප්‍රතිපත්තියේ
දිශානතිය අනුව තීරණය වෙයි. රටක විදේශ ප්‍රතිපත්තියෙහි ප්‍රධාන මූලධර්මය ජාතික අභිලාෂයන් ඉෂ්ට
කර ගැනිම වන අතර එය මෝදි අගමැතිවරයාගේ දේශපාලන දර්ශනයේ එක් අංගයක් වී හමාරය.

ලෝකය එකම පවුලක්
පුරාණ ඉන්දියානු සංකල්පයක් වන ලෝකය එකම පවුලක් ලෙස සලකා විදේශ ප්‍රතිපත්තිය
මෙහෙයවීමට කටයුතු කරන බවට අගමැති මෝදි 2014 වර්ෂයේ එක්සත් ජාතීන් හමුවේ අවධාරණය කර සිටියේය. ඒ අනුව ඉන්දියාව කිසිදු ගෝලීය කදවුරකට ගැති නොවී ලොකු, කුඩා, දියුණු සහ නොදියුණු සිය ̈ රටවල් සමග මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙම සංකල්පය තුලින් අරමුණු කර ගෙන ඇත.
රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය සමන්විත වන්නේ එම රාජ්‍යය ජාත්‍යන්තර සහ දේශීය අවශ්‍යතා සහ
අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා යොදා ගන්නා උපාය මාර්ග වලින්ය. එහිදී ඉන්දියාව යන
සාධකය පළමු තැන පිහිටා කටයුතු කරමින් ජාතික අභිලාෂයන් මුදුන්පත් කර ගැනිම මෝදි
අගමැතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියේ හරය බවට පත්ව ඇත.

මෘදු බලය ප්‍රතිපත්තිය
ඉන්දියාව තම මෘදු බලය ජාත්‍යන්තර තලය තුළ ප්‍රදර්ශනය කරමින් ඉතා උපක්‍රමශීලීව ඒ ඒ රටවල් සමග
ද්විපාර්ශවීය හා බහුපාර්ශවීය සබදතා වර්ධනය කර ගනිමින් සිටියි. ඒ අනුව මෝදි අගමැතිවරයා සිය
විදේශ ප්‍රතිපත්තිය තුළ මෘදු බලය උපයෝගී කර ගනිමින් කලාපීය වශයෙන් හා ගෝලීය වශයෙන් සිය
ආධිපත්‍යය පතුරුවාලීමට කටයුතු කරමින් සිටියි.මෘදු බලය යන යෙදුම මුලින්ම භාවිතයට එක් කරන ලද්දේ ඇමරිකානු දේශපාලන විද්‍යාඥ ජෝසප් නයි විසිනි. ජෝසප් නයි එය නිර්වචනය කළේ යම් අවශ්‍ය දෙයක් ලබා ගැනීම සඳහා බලහත්කාරයෙන් එය ඉටු කර ගන්නවාට වඩා අන් අයගේ හැසිරීම වෙනස් කිරීමෙන් හා ආකර්ෂණය හරහා එය ඉටු කර ගැනීම මෘදු බලය යන්නෙන් අදහස් කරන බවයි. මෘදු බල රාජ්‍ය තාන්ත්‍රිකභාවය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව බොලිවුඩ් චිත්‍රපට, යෝග, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ඉන්දීය ආහාර ඇතුළු දියුණු සංස්කෘතික සම්ප්‍රදායන් යොදා ගනී. මෝදි
අගමැතිවරයාගේ සෘජු මැදිහත් වීම යටතේ යෝග ව්‍යායාම වැඩසටහන් ඒ ඒ රටවල් තුළ ජාතික මට්ටමෙන් දියුණු කිරීමට කටයුතු කර ඇත. සෑම වසරකම ජූනි මස 21 දා ලෝක යෝග දිනය ලෙස එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කර ගැනිමට මෝදි අගමැතිවරයා 2014 වර්ෂයේදී සමත් විය. 2014 දී බලයට පත් වූ දා සිට අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාව ඉතා ඵලදායී විදේශ ප්‍රතිපත්තියක් මත කටයුතු කරන උපායශීලී හා නැගී එන බලවතෙකු බවට පරිවර්තනය කළේය. මෝදි විසින් මෙම පරිවර්තනාත්මක වෙනස සිදු කර ඇත්තේ ඉන්දියාව අනුගමනය කළ සිය පැරණි දැඩි නොබැඳි උපාය මාර්ගයෙන් ඉවතට පියවරක් තබමිනි. එහි ප්‍රතිපලයක් ලෙසට මහා බලවතුන් සහ මධ්‍යම ප්‍රමාණයේ බලවතුන් සමඟ ශක්තිමත් බැඳීම් සඳහා මග පෑදීමක් ඇති කර ගන්නා ලදී.

චීන සාධකය

මෝදි අගමැතිවරයාගේ මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් නැගී එන චීනයේ බලය සමතුලිත කිරීම සහ කලාපය විවෘතව හා බලහත්කාරයෙන් නිදහස්ව තබා ගැනීමට මහගු පිටිවහලක් ලැබී ඇත. එහි ප්‍රතිපලයක් ලෙසට ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර සබදතා වර්ධනය වීමක් සහ ඉන්දු- පැසිෆික් කලාපය තුළ වැදගත් කාය–්භාරයක් ඉන්දියාවට විසින් අත්කරගෙන ඇත. ඉන්දියාවේ ඓතිහාසික පසමිතුරු රාජ්‍යන් වන පකිස්ථානය සහ චීනය තුලින් ඉදිරිපත් වන අභියෝග
වලට ද සාර්ථකව මුහුණ දීමට මෝදි සමත්වී ඇත. 2020 දී, චීනය සමඟ ඉතා දරුණු දේශසීමා ගැටුම් උත්සන්න වන අවස්ථාවේ ඊට එරෙහිව නැගී සිටින ලෙසට මෝදි ඉන්දීය හමුදාවට උපදෙස් දුන් අතර ඉන්දියාවට අහිමි වූ භූමි ප්‍රමාණයක් පවා නැවත අත්පත් කර ගැනීමට කටයුතු කරන ලදී. චීනය විසින් ඉන්දියාවේ මූලෝපායික වැදගත්මට තර්ජනයක් වන ආකාරයට දකුණු ආසියාව තුළ සිය ආධිපත්‍යය වර්ධනය කර ගනිමින් සිටියි. එවැනි වකවානුවක තම කලාපය තුළ ඓතිහාසිකව හිමිව පැවැති බලය යළි තහවුරු කර ගැනීමේ අභියෝගයට ඉන්දියාව මුහුණ දෙමින් සිටියි. ඒ අනුව
බංගලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික කුඩා රටවල්
සමග විස්වසනී සබදතා වර්ධනය කර ගැනීම ඉන්දියාවේ මූලෝපායික අරමුණ වී ඇත. රුසියාව සහ චීනය ඇතුළු මධ්‍යම ආසියාතික රටවල් විසින් පාලනය කරනු ලබන ආර්ථික සහ ආරක්ෂක සංවිධානයක් වන ෂැංහයි සහයෝගිතා සංවිධානය තුළද ඉන්දියාව කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.

චීන-රුසියානු සබඳතා

චීන-රුසියානු සබඳතා වෙන කවරදාටත් වඩා ශක්තිමත් වන අවස්ථාවක, ඉන්දියාව සහ රුසියාව අතර
සබදතා කෙබඳු අතකට යොමු වේ දැයි සැක ඇති කරනු නොඅනුමානය. එවැනි පසුබිමක 2021 දෙසැම්බර් මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සිදු වූ අතර එහිදී ආරක්ෂක, බලශක්ති සහ න්‍යෂ්ටික බලය යන ක්ෂේත්‍ර ගණනාවක සබදතා පුළුල් කිරීමට අවධානය යොමු විය. ඇමරිකා එක්සත් ජනපදය සහ එහි නේටෝ සංවිධානයේ දැඩි පීඩනය නොතකා, රුසියාව ආක්‍රමණිකයකු ලෙස හෙළා දැකීමෙන් වැළැකී සිටීමට ඉන්දියාව උපක්‍රමශීලී විය. ඒ වෙනුවට, නව දිල්ලිය සියුම් හා තුලනාත්මක ප්‍රවේශයකින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාවට එරෙහිව ඡන්දය දීමෙන් වැළැකී මධ්‍යස්ථව සිටීමට තීරණය කළේය. මේ අතර ඉන්දියාව විසින් යුක්රේනයට මානුෂීය ආධාර ලබා ද ලබා දීමට කටයුතු කිරීමෙන් ලෝකයම එක පවුලක් යන සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ලදී. මේ අතර, ගෝලීය ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවදී වඩා පලදායී පියවරක් ලෙසට ඉන්දියාව රුසියාවෙන් අඩු මිලකට තෙල් ලබා ගැනීමට කටයුතු කිරීම මෝදි අගමැතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියේ ඇති සුවිශේෂී හැකියාවන් ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙසට පෙන්වා දිය හැකිය. මෝදි අගමැතිවරයාගේ “නැගෙනහිර දෙස බැලීමේ ප්‍රතිපත්තිය“ හිටපු අගමැති නරසිංහ රා ́ගේ “නැගෙනහිර බලා“ ප්‍රතිපත්තියේ ඉදිරි නැඹුරුවක් ලෙසට දේශපාලන විචාරකයන් පවසා සිටියි. ඒ තුලින් ආසියානු රටවල් කේන්ද්‍ර කරගෙන ඉපැරැණි සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීම අරමුණු කර ගෙන ඇත.

අසල්වැසි රාජ්‍යයට පළමු තැන

මෝදිගේ විසින් අසල්වැසියා පළමු තැන යන හිටපු ඉන්දීය නායකයින් විසින් ගෙන ගිය ප්‍රතිපත්තිය
ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම මගින් සිය ඓතිහාසික අසල්වැසි රටවල් සමග මිතුදම් වර්ධනය කර
ගැනීමට මෝදි අගමැතිවරයා සමත්වී ඇත. මීට හොඳම නිදසුන ලෙසට ශ්‍රි ලංකාව දැඩි ආර්ථික
අර්බුදයකින් බැටකන අවස්ථාවේ ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවා ගැනීමට ඉදිරිපත් වූ සහ කැපී
පෙනෙන කාය–්භාරයක් කළ රට බවට ඉන්දියාව පත් වීම සදහන් කළ හැකිය. මෙම අර්බුදකාරී
අවස්ථාවේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන හතරකට අධික මූල්‍යාධාර මේ
දක්වා ලබා දී ඇත. අසල්වැසි රටවල් සමග මිත්‍රත්වය වර්ධනය කර ගැනිම මෝදි අගමැතිවරයා 2014 දී බලයට පත් වූ
විගසම ආරම්භ කළ ප්‍රතිපත්තියක් විය. ඉන්දියාවේ සෑම අසල්වැසි රාජ්‍යයකම පෞද්ගලිකව සංචාරය
කිරීමට මෝදි අගමැතිවරයා එහිදී කටයුතු කරන ලදී. 2019) දී, ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ පකිස්ථානයට හිතවාදී යැයි සැලකෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාරය සාර්ථකව ප්‍රතිප්‍රහාර මගින් මැඩලීමට ඉන්දියාව කටයුතු කර තිබුණි. සිය ප්‍රතිප්‍රහාර මගින් තම අභිමානය ඉන්දියාව තහවුරු කර ගත් අතර ඒ තුලින් පාකිස්තානය සමග අනවශ්‍ය
ගැටුමක් කරා දුරදිග නොයාමට ද ඉන්දියාව කටයුතු කරන ලදී. මෙම සිදුවීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර
මෝදී අගමැතිවරයා උපක්‍රමශීලීව තම පසමිතුරු රාජ්‍යන් සමග කටයුතු කරන ආකාරය සහ තම
අභිමානය පවත්වාගෙන යාම විදහාලන සිදුවීමක් ලෙසට සැලකිය හැකිය. ඒ අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී යටතේ ඉන්දියාව සිය විදේශ ප්‍රතිපත්තිය අභියෝග හමුවේ තම රාජ්‍යයේ අනන්‍යතාව රැකගනිමින් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම අනෙක් රාජ්‍ය නායකයන්ට ද ආදර්ශයක් වනු නොඅනුමානය.


RECOMMEND POSTS