අපරාධ රජ කරන ඉක්වෙදා්රය



ලතින් ඇමෙරිකාවට එසේත් නැතිනම් දකුණු ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැළෙන දරුණු ගණයේ අපරාධ කල්ලි ඉලක්ක කර ගනිමින් ඉක්වදෝර හමුදාව සහ පොලිසිය දැවැන්ත මෙහෙයුම් ආරම්භ කර තිබේ. හමුදා සහ පොලිස් නිලධාරීන් එරට වීදි බැස සිටින්නේ, නවීන පන්නයේ අවි ආයුධවලින් සන්නද්ධ වෙමිනි. සන්නද්ධ රථවල නිරන්තරයෙන් නගර වීදී සැරිසරයි. දිගින් දිගටම වැටලීම් සිදුවන්නේ ආරක්ෂක අංශවලට ලැබෙන බුද්ධි තොරතුරු අනුවය. මේ වනවිට ඉක්වදෝරයේ සිවිල් යුද්ධයක් හට ගැනිමේ ද අවදානමක් ද මතු වී ඇති බව විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති. මේ සියල්ල ආරම්භ වූයේ ‘ෆිටෝ’ අතුරුදන්වීමත් සමඟය.

ඉක්වදෝරය යනු ලතින් ඇමෙරිකා මහද්වීපයේ, බටහිර වෙරළ තීරයේ ඉහළ කෙළවරේ, වයඹ දෙසින් මුහුදට මායිම්ව පිහිටා ඇති සුන්දර රටකි. ලතින් ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳුකරයත්, ඇමසන් වැසි වනාන්තරයත් ඉක්වදෝරය හරහා ද වැටී ඇත. ඉක්වදෝරයේ අගනුවර ක්විටෝය. අතීතයේ මෙය ස්පාඤ්ඤ යටත් විජිතයකි. ඉක්වදෝරයේ නිල භාෂාව ස්පාඤ්ඤය. ජනගහනය මිලියන 17.8 කි. භාවිතයට ගැනෙන මුදල් ඒකකය ඇමෙරිකන් ඩොලරයයි. සුන්දර වෙරළ තීරයකින් සමන්විත, ගිනි කඳු නැරඹීමට පවා හැකියාව ඇති සංචාරක ගමනාන්තයක් ලෙස ද ඉක්වදෝරය සැලකෙයි. එහෙත් රටේ පවතින නොසන්සුන්තාව නිසා ඒ සියල්ල අඩපණ වී ගොසිනි.

ලොව සෙසු රටවලට මෙන්ම ඉක්වදෝරයට ද කොරෝනා වයිරසයෙන් සිදුවුණු බලපෑම අතිමහත්ය. රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටුණි. නීතිය අතට ගත් සන්නද්ධ අපරාධ කල්ලි ඔවුන්ගේ ආධිපත්‍යය පෙන්වන්නට පටන් ගත්තේය. මහ දවල් වීදිවල අවි ගැටුම් ඇරැඹිණි.ඒ ආරක්ෂක අංශ සහ අපරාධ කල්ලි සාමාජිකයන් අතරේ පමණක් නොව ඔවුනොවුන් අතරේත්ය. 2023 දී ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය ගණන 8,008 කි. එය 2022 වසරේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මියගිය ගණන මෙන් දෙගුණයකි. අවනීතිය රජ කරද්දී, අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහි වුණු පොලිස් නිලධාරීන්, නීතීඥවරුන්, විනිසුරුවරුන් අමු අමුවේ ඝාතනය කෙරුණි. භීතිය රට පුරා පැතිරුණේය.

අපරාධ කල්ලි ඔවුන්ට එරෙහි වන්නන් මරා දැමීම කළේ ගෙල කපා හෝ ඒ අය ප්‍රසිද්ධ ස්ථානවල එල්ලා දමමිණි. ඒ ජනතාව භීතියට පත් කරමිණි. අපරාධවලට හා දූෂණයට එරෙහි වුණු ජනාධිපති ධුර අපේක්ෂකයන් ඝාතනය විය. ඉක්වදෝරයේ ක්‍රියාත්මක වන්නේ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය. මෙම කල්ලි ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවා ගත්තේ ඔවුන්ට බිය වුණු ආරක්ෂක අංශ සාමාජිකයන්, විනිසුරුවරුන් සහ දේශපාලනඥයන් ඔවුන්ගේ මුදලට යට වුණු බැවිනි. ඉක්වදෝරය, ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන් ද අස්ථාවර විය.

ඉක්වදෝරයේ බන්ධනාගාර සෑම එකකම පාහේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙයි. එය සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ප්‍රචණ්ඩ ක්‍රියා පවතින්නේ, බන්ධනාගාරයට යැවෙන ප්‍රතිවාදී අපරාධ කල්ලි සාමාජිකයන් අතරේය. ඇතැම් බන්ධනාගාර ක්‍රියාත්මක වන්නේ ද අපරාධ කල්ලිවලට අනුවය. ඉක්වදෝරයේවිශාලතමවෙරළබඩනගරයගුවායාකිල්ය. එය මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයලෙස සැලකෙයි. එපමණක් නොව, සන්නද්ධ අපරාධ කල්ලි සාමාජිකයන්ගේ අණසක යටතේ පවතින ඉක්වදෝරයේ භයානකම නගරය වන්නේ ද ගුවායාකිල්ය.36 හැවිරිදිජනාධිපති නොබෝවා, ජනාධිපති ධුරයට පත් වූයේ අපරාධ මඬින්න, ‘ෆීනික්ස් සැලැස්ම’ යනුවෙන් නව මෙහෙයුමක් ආරම්භ කරන බව පවසමිනි.

අපරාධ කල්ලි අඩපණ කිරීමේ අරමුණින්, නවබුද්ධිඅංශයක්පිහිටුවීම, හමුදාවට පොලිසියට අති නවීන අවි ආයුධ ලබා දීම, අපරාධ කල්ලි නායකයන් සඳහා වෙනම අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ඉදි කිරීම‍, වරායසහගුවන්තොටුපළවලආරක්ෂාව තර කිරීම ‘ෆීනික්ස් සැලැස්ම’ ට අනුව සිදුවීමට නියමිතය. මේ සඳහා වැයවන මුදල ඇමෙරිකන් ඩොලර්මිලියන 800 කි. ඉක්වදෝර ආරක්ෂක අංශ සඳහා අවි ආයුධ ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. එම අවි ආයුධ සඳහා ඩොලර්මිලියන 200ක්වැය වනු ඇතැයි පැවැසෙයි.

ඉක්වදෝරයේ දරුණු සන්නද්ධ අපරාධ කල්ලි රැසකි. ඒ අතරින් බිහිසුණු අපරාධ කල්ලියක් ලෙස සැලකෙන්නේ, ‘ලොස්චෝනෙරෝස්’ ය. ‘ලොස්චෝනෙරෝස්’ අපරාධ කල්ලියේ නායකයා ඇඩොල්ෆෝමැකියාස් හෙවත් ‘ෆිටෝ’ ය. මොහු බන්ධනාගාරගතව, වසර 34කසිරදඬුවමක්විඳිමින්සිටිද්දී පසුගිය 7 වැනිදා අතුරුදන් විය. ඇඩොල්ෆෝමැකියාස් බන්ධනාගාරයෙන් පලා යන්න ඇතැයි සැක කෙරුණි. ඇඩොල්ෆෝමැකියාස්ට පලා යෑමට සහාය දුන්නැයි සැකපිට බන්ධනගාර නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනුණි.

ඇඩොල්ෆෝමැකියාස් බන්ධනාගාරයෙන් අතුරුදන් වීමත් සමඟ, රට පුරා තවත් බන්ධනාගාර හයක ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමට පටන් ගැනුණි. එක් බන්ධනාගාරයක රඳවාසිටිඅපරාධකල්ලිසාමාජිකයෝ, බන්ධනාගාරයඔවුන්ගේඅතටගෙන, බන්ධනාගාරනිලධාරීන් 100 කටවැඩිපිරිසක්ප්‍රාණඇපයේරඳවා ගත්හ.මධ්‍යමඉක්වදෝරයේ, රියෝබම්බා පළාතේ, බන්ධනාගාරයකින් රැඳවියෝ 39 ක් පලා ගියහ. ගුවායාකිල් නගරයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කෙරුණි. විවිධ නගරවලින් පොලිස් නිලධාරීන් 6 දෙනකු අපරාධ කල්ලි සාමාජිකයන් විසින් පැහැර ගෙන ගිය බවට වාර්තා විය. ඉන් නිදහස ලැබුවේ නිලධාරීන් දෙදෙනකු පමණි.

ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන්ගේ බිහිසුණු බව මුළු ලොවටම ප්‍රදර්ශනය වූයේ ගුවායාකිල් නගරයේ, ‘ටීසී’ රූපවාහිනී නාලිකාවේ, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී, ස්වයංක්‍රීය ගිනි අවි අතැතිව, මුහුණු ආවරණය කරගත් පිරිසක් රූපවාහිනී මැදිරියට කඩා වැදීමත් සමඟය. ප්‍රචණ්ඩකාරීව හැසිරුණු එම සන්නද්ධ පිරිස, රූපවාහිනී වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදකයාටත්, ඊට සහභාගී වූ පිරිසටත්, වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමටත්, රූපවාහිනී නාළිකාවේ කාර්ය මණ්ඩලයටත් අවි අමෝරා තර්ජනය කරමින් ඔවුන් ප්‍රාණ ඇපයට ගත් අයුරු සජීවීව විකාශය විය. ‘අපට වෙඩි තියන්න එපා. අප මරන්න එපා’ යනුවෙන් ප්‍රාණ ඇපයේ සිටි පිරිස තුවක්කුකරුවන්ට බැගෑපත් වන අයුරු අසන්න ලැබුණි. පොලිසිය වහා ක්‍රියාතක්මක වී රූපවාහිනී නාළිකාව වටලද්දී, තුවක්කුකරුවන්ගෙන් කීප දෙනකු පලා ගියේ ප්‍රාණ ඇයට ගත් කීප දෙනකු ද සමඟය. සෙසුතුවක්කුකරුවන්පොලිස් අත්අඩංගුවටපත්විය.‍

මේ වනවිටත් ඉක්වදෝර ජනාධිපති නොබෝවා, ඉන්වදෝරයට දින 60 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණි. රූපවාහිනී මැදිරියට අපරාධ කල්ලි සාමාජිකයන් කඩා වැදීමේසිද්ධියෙන්පසු, එයහෙළාදකිමින්, ජනාධිපතිවරයා මාධ්‍යහමුවේපෙනීසිටියේය. ‘ඉවසුවා හොඳටමඇති‍. රටේඅපරාධකරන්නේත්‍රස්තවාදීන්. ඔවුන්ටකිසිමසමාවක්ලැබෙන්නේනැහැ.‍ඔවුන්ට (අපරාධකල්ලි) ´නෑයුද්ධයක් නම්, මම ඔවුන්ට යුද්ධයක් දෙන්නම්.’ යැයිපවසමින්තරුණජනාධිපතිවරයාඅපරාධකල්ලිසාමාජිකයන්ටඑරෙහිවයුදප්‍රකාශකළේය.‍

සී.එන්.එන් ඇසුරිනි


RECOMMEND POSTS