ලංකාවේ ඇති අඟහරු පාෂාණය
‘රතු ග්‍රහයා’ හෙවත් අඟහරු පිහිටන්නේ පෘථිවියේ සිට සිවුවැනි ස්ථානයේය. අඟහරු ගවේෂණයේ ඉදිරියෙන් සිටින්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනයේ රොබෝ රෝවර් යානා අඟහරු මතුපිට සැරිසරමින් ඡායාරූප සහ පස් සාම්පල ලබා ගෙන ඇත. අඟහරු මතුපිට ‘සර්පෙන්ටීන්’ Serpentine නැමැති පාෂාණය ඇතැයි තහවුරු වූයේ ඒ අනුවය. අප ශ්‍රී ලංකාවේ ස්ථාන කීපවකින් ද ‘සර්පෙන්ටීන්’ හමුවී ඇත. අඟහරු යෑමට නොහැකි බැවින්, ශ්‍රී ලංකාවට පැමිණ ‘සර්පෙන්ටීන්’ අධ්‍යයනයට නාසා විද්‍යාඥයෝ කටයුතු කළහ. ඒ, තවත් විදෙස් විද්‍යාඥයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි.
විදෙස් භූ විද්‍යාඥයෝ පසුගිය දා මෙරටට පැමිණ නියැදි ලබා ගනිමින්, මෙරට ‘සර්පෙන්ටීන්’ පාෂාණ පරීක්ෂා කර බැලූහ. අඟහරු ලොවෙන් හමුවුණු පාෂාණ, ලංකාවේ සොයන හැටි යන සිරස්තලය යටතේ පුවත් පළ වූයේ ඒ අනුවය. ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක ‘සර්පෙන්ටීන්’ පාෂාණය දකින්න ලැබෙන බව තහවුරු වූයේ 2018 වසරේ දීය. ඒ, ඇමෙරිකන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සුනිති කරුණාතිලක සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාහාචාර්යවරිය මෙත්තිකා විතානගේ යන මහාචාර්යවරුන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුවය.
පසුගිය දා නව අධ්‍යයනය සඳහා ඇමෙරිකාව, චීනය, ඉන්දීයාව ඕස්ට්‍රේලියාව යන රටවල පිළිගත් විශ්ව විද්‍යාල නියෝජනය කරමින්, භූ විද්‍යාඥයන් සහ වාග් විද්‍යාඥයෝ මෙරටට පැමිණි බව වාර්තා විය. පේරාදෙණිය, මොරටුව, ජයවර්ධනපුර, කැලණිය විශ්වවිද්‍යාලවල විද්වතුන් සහ පර්යේෂයන් විදෙස් භූ විද්‍යාඥයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් පර්යේෂණ කටයුතුවලට දායක විය. විශ්ව විද්‍යාල සිසුහු කණ්ඩායමක් ද පර්යේෂණ කටයුතුවලට සහාය දැක්වූහ.
මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිනිගල්පැලැස්ස ප්‍රදේශයේත් පසුව ඉඳිකොළපැලැස්ස, ‘දකුණේ හෝටන් තැන්න’ යන නමින් හැඳින්වෙන උස්සන්ගොඩ කඳුවැටිය ආශ්රිත ප්‍රදේශයෙන්, යුදගනාව ප්‍රදේශයෙන් ‘සර්පෙන්ටීන්’ පාෂාණය හමුවී ඇති අතර, එම ප්‍රදේශවල ගවේෂණ සිදු කර, නියැදි ලබා ගැනීම සිදුවිය.
අඟහරුගේ රහස් සොයා දුන් ‘නාසා’ රොබෝ රෝවර් යානා පහකි. අවසන් වරට අඟහරු මතුපිටට යැවුණේ ‘පර්සිවරන්ස්’ රෝවරයයි. මෙම රෝවය සමඟ ‘ඉන්ජිනියුටි’ නමුනි කුඩා ඩ්‍රෝන හෙලිකොප්ටරයක් ද අඟහරු වෙත යැවීම සිදුවිය. පළමු වරට අඟහරු ගුවනේ පියාසර කළ හෙලිකොප්ටරය මෙයයි. 2004 වසරේ දී අඟහරු ග්‍රහයාගේ භූ විෂමතා ගවේෂණයට රොබෝ රෝවර් යානා දෙකක් යැවුණි. ‘ස්පිරිට්’ සහ ‘ඔපර්චුනිටි’ යනු ඒවාය. අඟහරු පාෂාණ ගැන නාසා විද්‍යාඥයන් බොහෝ දේ දැනගත්තේ මෙම රොබෝ රෝවර් යානාවල උදවුවෙනි.
අඟහරු වායුගෝලයේ සියයට 95 ක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ්ය. නයිට්රජන් ඇත්තේ සියයට 2.8 කි. ඔක්සිජන් ඇත්තේ සියයට 0.174 කි. ජීවය පැවැතීමට සුදුසු වටපිටාවක් අඟහරු මත නැතැයි එයින් පැහැදිලි වෙයි. අවුරුදු දහස් ගණනකයට පෙර, අඟහරු ජීවයෙන් පිරුණු තැනක් වන්නට ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ මතයයි. ඈත අතීතයේ පෘථිවි වාසීන් වන අප අඟහරු ලොවෙන් පැමිණ පෘථිවියේ ජනාවාස පිහිටුවා ගත්තේ යැයි ද අදහසක් පවතී. අනාගතයේ 2035 වසරේ දී හෝ 2045 වසරේ දී අඟහරු ගවේෂණයට ගගනගාමීන් යැවීමට නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ අඟහරු මතුපිට ජනාවාස පිහිටුවීමේ අරමුණින්ය.
2021 පෙබරවාරි 18 වැනිදා නාසා විද්‍යාඥයන් ‘පර්සිවරන්ස්’ රෝවරය, පතිත කෙරුණේ ‘ජෙසිරෝ’ආවාටයට පතිත කෙරුණි. එදා සිට මේ දක්වා ‘පර්සිවියරස්’ රෝවරය, ‘ජෙසිරෝ’ ආවාටයේ එහෙ මෙහෙ යමින් ජීවය පැවැතියේදැයි සාක්ෂි රැස් කරන්න පටන් ගත්තේය. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා යානය, නාසා විද්‍යාඥයන් එවූ දත්ත වලින් පැහැදිලි වූයේ ‘ජෙසිරෝ’ ආවාටයේ කාබනික ද්‍රව්‍ය (කාබනික අණු) අන්තර්ගත බවය. නාසා විද්‍යාඥයන්ට අනුව, රෝවරය මෙම දත්ත ලබා ගත් ස්ථානයේ අතීතයේ ඩෙල්ටාවක් තිබුණි. ඒ, වසර බිලියන 3.5 කට පෙරය. ‘පර්සිවරන්ස්’ රෝවරයට හමුවුණු මෙම කාබනික ද්‍රව්‍ය ජීවය ආරම්භ වීමට අවශ්‍ය මූලික සාධක යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
ඒ අනුව අඟහරු මතුපිටින් ජීවය පැවැති බවට සාක්ෂියක් පමණක් නොව, පෘථිවියෙන් එපිට, පිටසක්වළ ජීවීන් ඇති බවට සාක්ෂියක් හමුවුණු බව නාසා විද්‍යාඥයන් වැඩි දුරටත් අර්ථ නිරූපණය කර තිබේ. කාබනික ද්‍රව්‍ය හමුවුණු ස්ථානයේ ‘පර්සිවරන්ස්’ රෝවරය ගවේෂණ කටයුතු නියැළීම ආරම්භ කළේ පසුගිය ජූලි 7 වැනිදා සිටය. රෝවරය, පස් සාම්පල 12 ක් එක් රැස් කර ගනිමින් ඒවා පෘථිවියට එවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද පැවැසෙයි. මේ වනවිට එම පස් සාම්පල එකතු කර ගැනීම සිදුවෙයි. ඒවා පෘථිවියට ගෙන ඒම තවත් වික්‍රමයක් වනු ඇත. වෙනම යානයක්, අඟහරු මතුපිටට යවා, පස් සාම්පල සහිත සිලින්ඩර ආපසු ගෙන ඒමට ‘නාසා’ විද්‍යාඥයෝ මේ වනවිට සැලැසුම් සකස් කරමින් සිටිති.