ප්‍රංශයේ විසූ පැරණි පඬිවරයෙකුගේ අභාවය




දශක 5කට ආසන්න කාලයක් ප්‍රංශයේ විසූ සිංහල භාෂාව පිලිබඳ විශාරදයෙකු වූ ආචාර්ය ජිනදාස ලියනරත්නමහතා පැරීසියේදී අභවප්‍රාප්ත වූයේය. ඔහුගේ අවසන් කටයුතු අප්‍රේල් මස 21වෙනිදා පැරීසියේදී සිදුකිරීමට නියමිතය.

ක්‍රි:ව:13 වන ශතවර්ෂයට අයත් දඹදෙනිය රාජධානිය කොට රජකම් කල දෙවන පරාක්‍රම බාහූ රජුන් දවස ශ්‍රීලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය හා දේශීය ඖෂධ ගැන පාලි භාෂාවෙන් රචිත ලෝක ප්‍රසිද්ධ භේසජ්ජමඤ්ජුසා නම් වෛද්‍ය ග්‍රන්ථය ප්‍රථම වතාවට සංස්කරණය කල 1996 ඔක්ස්ෆෝර්ඞ් පාලිපෙල සමාජය විසින් එළිදැක්වූ ලියන රත්න මහතා විසින් රචිත සංස්කරන 18කින් සමන්විත ඉහත වෛද්‍යනිබන්ධනය මේවනවිට පැරීසියේපිහිටිප්‍රංශුවාමිතොරොන්ග්පුස්තකාලයේමහජනපරිශිලනයසඳහාතැන්පත්කොටඇත්තේය.

50 දශකයේදී පමණ ශ්‍රීලංකාවේ ආරම්භ කල සංස්කෘතික නම් සඟරාවේ ආරම්භක සංස්කාරවරයෙකු හා ලේඛකයෙකු ලෙසද කටයුතුකර ඇති ඔහුපාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ භාෂාව පිළිබඳ විශාරද දැනුමක් ඇති විදුවරයෙකි.

60 දශකයේ පේරාදෙණිය සරසවියේ උපාධිධාරී ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි සුප්‍රසිද්ධ ෆෝර්ට්ඩෝර්ෆින් සරසවියේ ආචාර්ය

උපාධියක් හිමිකරගත් එම ආයතනයට අනුබද්ධ එනල්කෝආයතනය පැරීසියේ පෙරදිග භාෂා සහ ශිෂ්ටාචාර පිළිබඳ ජාතික ආයතනය පිහිටවූ සිංහල අධ්‍යයන අංශයේ සිංහල භාෂාව පිලිබඳ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල ප්‍රංශ භාෂාව කථාකරන ජනතාවට සිංහල භාෂාව ඉගෙන ගැනීම සඳහා “පාර්ලොන්ග්සැන්ගලේ”නම් කෘතිය හා ගුණදාාස අමරසේකර, මාර්ටින්වික්‍රමසිංහ, ජි.බිසේනානායක, මහාචාර්්‍ය එදිරිවීරසරත්චන්ද්‍ර වැනි ශ්‍රේෂ්ඨයින්ගේ කෙටිකථා ප්‍රංශ බසට පරිවර්තනය කොට ප්‍රංශ ජනතාවට කියැවීමට සැලැස්වීම එතුමා විසින් සිදුකල අතිවිශිෂ්ඨසේවාවකි.

පෙරදිග හා බටහිර සංස්කෘතීන් පිලිබඳ මනා දැනුමක් ඇති ඔහු පසුගියදශක තුනක කාලය තුල ශ්‍රීලාංකීය සංස්කෘතිය සහ බටහිර ශිෂ්ටාචාරය අර්ථ කථනය කරමින් ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලේඛන බොහෝමයක් ඇත්තේය.

70 දශකයේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිවරයා ලෙස කටයුතු කල සමයේ ඔහුගේ සහයකයෙකු ලෙස සේවය කොට ඇති; පැරීසියේ පිහිටි බෞද්ධ විහාරස්ථානවල අභිවෘධිය සඳහා කටයුතුකල ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකි.

ප්‍රංශයේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ගේ බලවත් ශෝඛය මෙයින් පුදකර සිටින අතර විදේශයක සිට සිංහල භෂාවට අතිවිශිෂ්ඨ සේවාවක් ඉටුකල එතුමන්ට ප්‍රංශයේ ශ්‍රීලාංකිකයෝ නිවන්සුව ප්‍රර්ථනා කරන්නෝය!!!

සුනිල් ආනන්ද පැරීසියේ සිට


RECOMMEND POSTS