‘හයිමා’ පිලිපීනයට කඩාවදීඃ 90,000ක් ආරක්ෂිත තැන්වලට



 

 (රොයිටර්)

‘හයිමා’ නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 225 ක වේගයකින් ඊයේ (21) උතුරුදිග පිලිපීනයට කඩා වැදුණි. 

සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීම හේතුවෙන් අනාරක්ෂිත ප්‍රදේශවල සිටි 90,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ.

පිලිපීනයේ කුඹුරු රැසක් මුළුමනින්ම විනාශ වී ඇතැයි පැවැසෙයි. පිලිපීන බලධාරීන් පවසා ඇත්තේ කුඹුරු විනාශ වීමෙන් සිදුවුණු හානිය අතිමහත් බවය. මීට අමකරව පළාත් රැසක් ජලයෙන් යටවී ඇතැයි ද වාර්තා වේ. නායයෑම් හේතුවෙන් ගම්මාන පහක් මුළුමනින්ම විනාශ විය.

ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති අතර, විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී තිබේ. පළාත් රැසක වැසියන් මේ වනවිට විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ද වාර්තා වේ.

‘හයිමා’ යනු මේ වසරේ පිලිපීනයට කඩා වැදුණු 12 වැනි සුළි කුණාටුවය. කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ ඉතිහාසය පුරාවට එරටට කඩා වැදුණු තෙවැනි බබලතම සුළි කුණාටුව මෙය කියාය.

 


RECOMMEND POSTS