‘වර්ධා’ සුළි කුණාටුව චෙන්නායි කළඹයි



බෙංගාල බොක්කේ වර්ධනය වුණු ‘වර්ධා’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (12) උදේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් රට කඩා වැදිණි.
සුළි කුණාටුව ගැන කල්තියා කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් වෙරළාරක්ෂිතව අනාරක්ෂිත ප්‍රදේශවල වාසය කළ පක්ෂ 3 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ගමනා ගමන කටයුතු මුළුමනින්ම ඇණහිටියේය. චෙන්නායි ගුවන්තොටුපොළ පවා තාවකාලිකව වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
‘වර්ධා’ සුළි කුණාටුව තමිල්නාඩුවට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 130 කට වැඩි වේගයකින් යැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. ‘වර්ධා’ හේතුවෙන් ඉන්දීය බලධාරීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ද දැනගන්න ලැබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS