‘මැතිව්’ සුළි කුණාටුව හයිටියෙන් ඇමෙරිකාවට



 

චාල්ස්ටන්හිදීය (රොයිටර්)

හයිටි රාජ්‍යය සහ කියුබාව කැළැඹූ ‘මැතිව්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව පෙරේදා (5) බහාමාස් දූපත් හරහා සහ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය හරහා හමා ගියේය. සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණු ගණන 26 ක් යැයි වාර්තා වේ.

සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමට ෆ්ලොරීඩා ප්‍රාන්ත බලධාරීහු පියවර ගෙන තිබුණු අතර, වෙරළාශ්‍රිත පළාත්වල ජීවත් වූ දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකන් කාලගුණ විද්‍යාඥයන් ‘මැතිව්’ සුළි කුණාටුව නම් කර ඇත්තේ ප්‍රබලත්වයෙන් සිවු වැනි ස්ථානයේ පසුවන සුළි කුණාටුවක් කියාය. එය ඇමෙරිකාවට කඩා වැදුණේ පැයට සැතපුම් 140 ක වේගකිනි.

සුළි කුණාටුවෙන් හයිටි රාජ්‍යයට බලවත් හානියක් සිදුවිය. සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට එරට පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය ද කල් දමා ඇතැයි වාර්තා වේ.

හයිටි රාජ්‍යය මීට වසර ප්‍රබල භූමි කම්පාවකින් මුළුමිනන්ම විනාශ විය. එම භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූ ජනයා තවමත් ජීවත් වන්නේ සහන කඳවුරුවලය. ‘මැතිව්’ සුළි කුණාටුව නිසා හටගත් ජල ගැලීම්වලින් මෙම සහන කඳවුරු රැසක් ද යට විය.


RECOMMEND POSTS