‘බ්‍රික්ස්’ සමුළුව ඉන්දියාවේදී අද ඇරඹේ.
(එන්.ඩී.ටීවී.)
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව සහභාගී වන ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් ‘බ්‍රික්ස්‘ සමුළුව අද (15) සහ හෙට ඉන්දියාවේ ගෝවාහිදී පැවැත්වෙයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව 8 වැනි බි්රක්ස් සමුළුවය. ‘බි්රක්ස්’ යනු මෙම සමුළුව හඳුන්වන්නේ, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල ඉංග්‍රීසි නම්වල මුල් අකුරු එක් කර තැනූ වදනකි.
බ්‍රසීල ජනපති ධුරයට නිල වශයෙන් මයිනකල් ටෙමර් පත් වීමෙන් පසු, ඔහු ඉන්දියාවට පැමිණෙන්නේත්, ‘බ්‍රික්ස්‘ සමුළුවකට සහභාගී වන්නේත් පළමු වතාවටය.
ඉන්දියාවත් රුසියාවත් අතර මේ වනවිට මත ගැටුමක් නිර්මාණය වී ඇත. ඒ, රුසියාව පාකිස්තානය සමඟ සමීප සබඳතා පැවැත්වීම ඉන්දියාවේ විරෝධයට හේතුවක් වීම නිසාය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත. එය කොයිමොහොතේ හෝ ඉන්දු පාකිස්තාන යුද්ධයකට පෙරැළෙනු ඇතැයි බිය පළ වෙයි.
ඉන්දියාව චෝදනා කරන්නේ පාකිස්තානය ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් කියාය. පසුගිය දා රුසියාව ඉන්දියාව සමඟත් ඉන්පසු පාකිස්තානය සමඟක් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ද ආරම්භ කළේය. ඒ ගැන ද ඉන්දියාව රුසියානු රජයට විරෝධය දක්වා ඇත.
‘බ්‍රික්ස්‘ සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී වීමට නියමිතව ඇති අතර, පුටින් සහ මෝදි අතරේ පාකිස්තානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව පැවැසෙයි.
මෙම ‘බ්‍රික්ස්‘ සමුළුවට ආරාධිතයන් ලෙස රටවල් අටක රාජ්‍ය නායකයන්ට ආරාධනා ලැබී ඇත. එම රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ තායිලන්තයයි. තායිලන්තයේ භූමිබෝල් රජුගේ අභාවය හේතුවෙන් තායිලන්ත හමුදා රජයේ අගමැති ප්‍රයාත් චාන් ඕචා සමුළුවට සහභාගී වීම සැක සහිත යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.