‘ජී20’ හැඩ කළ බිරියන් සහ සැමියා
‘ජී20’ සමුළුවට සහභාගීවීමට රාජ්‍ය නායකයන් පැමිණ සිටියේ ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟය. බි්රතාන්ය අගමැතිනී තෙරේසා මේ පැමිණි සිටියේ සැමියා පිලිප් සමඟය.
මොවුන් වෙනුවෙන් ද විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණු අතර, පිරිස කොයෝටෝ හි පිහිටි ටොෆුකු ජී පන්සලට ගොස් සමරු ඡයාරූපයකට ද පෙනී සිටියහ.
මෙවර ‘ජී20’ සඳහා ඇමෙරිකා ජනපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් සහභාගී වූයේ නැත. ඇගේ අඩුව මනාව පෙණුනු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මෙනාලියා නැති නිසා, ආජන්ටිනා ජනපති ආර්යාව ජුලියානා අවාඩා, ප්‍රංශ ජනපති ආර්යාව බි්රජෙත් ත්‍රොග්නෝව්, යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඞ් ටස්ක්ගේ බිරිඳ මැල්ගොරසාටා කැපී පෙණුනු බව පැවැසෙයි.
(ඬේලිමේල්)