‘ජී20’ සාර්ථකයි: ට්‍රම්ප් කියයි



ජපනයේ ඔසාකා නුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුව සාර්ථක බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

සමුළුව අතරතුරේ, තම සමීපතම මිතුරකු වන ජපාන අගමැති හමුවී, මිතුදම් අලුත් කර ගැනීමට හැකිවුණු බව ජනපති ට්‍රම්ප් පැවැසීය. ඊට අමතරව, ට්‍රම්ප් ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ද හමුවී සාකචඡා පැවැත්වීය.

ට්‍රම්ප් සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතර පැවැති හමුව කැපී පෙනෙයි. ජමාල් කශොග්ජී ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සල්මාන් කුමරුන්ට චෝදනා එල්ල වී ඇත.

කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ කිසිම හේතුවක් නිසා තමන් සෞදි කුමරුන් සමඟ හිත් අමනාපකම් ඇති කර නොගන්නා බවය.

මේ අතර ‘ජී20’ සමුළුවේදී ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් ද දීර්ඝ වඔයෙන් සාකච්ඡා පැවැත්වුණු බව වාර්තා වේ.

ඔසාකාහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS