‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට ඉන්දියාව සූදානම්
මිනිසා සඳ ජයගෙන වසර 50 ක් සපිරෙද්දී, සඳට රොබෝ ගවේෂණ යානයක් පතිත කිරීමට ඉන්දියාව සූදානම් වෙයි. ඉන්දියාව ඔවුන්ගේ මෙම චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම නම් කර ඇත්තේ ‘චන්ද්‍රයාන් 2’ යනුවෙනි.
ඉන්දියාව මීට පෙර 2008 දී, පළමු වරට සඳට ගවේෂණ යානයක් පතිත කරවීය. ඒ, චන්ද්‍රයාන් 1 යානයයි. සඳේ ජල අංශු ඇති බව ලොවට අනාවරණය කළේ එම යානයයි.
ලබන සැප්තැම්බරය වෙද්දී, ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ‘චන්ද්‍රයාන් 2’ රොබෝ ගවේෂණ යානය සඳ මතුපිට පතිත කරවීමට තමන් අපේක්ෂා කරන බව ඉන්දීය ගගන පර්යේෂණ ඒජන්සියේ විද්‍යාඥයෝ පවසති.
ඉන්දියාව අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යෑමට තමන් පියවර ගන්නා බව අගමැති නරේන්ද්‍ර මෝදි සිය දෙවැනි ධුර කාලයේ දිවුරුම් දෙමින් පවසා තිබේ.
නවදිල්ලියේදීය (රොයිටර්ස්)