‘ඇන්සැක්’ සැමරුමට විලියම් කුමරු නවසීලන්තයේ
‘ඇන්සැක්’ රණවිරු දින සැමරුමට සහභාගීවීමේ අරමුණින්, බි්රතාන්ය කිරීටය නියෝජනය කරමින්, බි්රතාන්යයේ විලියම් කුමරු දෙදින සංචාරයක් සඳහා නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර බලා පැමිණ සිටී.
ඕක්ලන්ඞ් නුවර ‘ඇන්සැක්’ රණවිරු දින සැමරුමට සහභාගී වූ කුමරුන් උණුසුම් ලෙස පිළිගැනීමට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් කටයුතු කළේය. ඒ, එරට සවදේශීය මෞරි ගෝත්රිකයන්ගේ ක්රමයට නළලට නළල සහ නාසයට නාසය තබමිනි.
නවසීලන්තයේත්, මහා බි්රතාන්යයේත් යුද සංග්රාමවලට සම්බන්ධ වී දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිපත් කරමින් මෙම ඇන්සැක් සැමරුම පැවැත්වෙයි. පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානවලට එල්ල වුණු ප්රහාරයෙන් මියගිය අය සිහිකරමින් ද විශේෂ සැමරුමක් පැවැත්විණි. විලියම් කුමරු එම සැමරුමට ද සහභාගී විය.
ඕක්ලන්ඞ්හිදීය (රොයිටර්ස්)