ෆිදෙල් කස්ත්‍රෝගේ භෂ්මාවශේෂ කියුබානු විප්ලව ඇරැඹි තැනට යයි



අභාවප්‍රාප්ත කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝගේ භෂ්මාවශේෂ ඊයේ (30) විශේෂ පෙරහරකින් කියුබාවේ හවානා අගනුවර සිට සැන්තියේගෝ නුවර තෙක් ගෙන ගොස් සැන්තියේගෝ නුවර විශේෂ ස්මාරකයක තැන්පත් කෙරුණි.
ෆිදෙල් කස්ත්‍රෝගේ මැදිහත් වීමෙන් කියුබානු විප්ලවය ආරම්භ වූයේ මෙම සැන්තියාගෝ නගරයේය. භෂ්මාවශේෂවලට ගෞරව දැක්වීමට කියුබානුවෝ දහස් ගණනින් හවානා අගනුවරට රැස්වූහ. 
හමුදා උත්තමාචාර මැද භෂ්මාවශේෂ හවානා සිට සැන්තියේගෝ දක්වා රැගෙන යද්දී ද කියුබානුවෝ දහස් ගණනින් ඊට ගෞරව පුද කළහ.
බැටිස්ටාගේ පාලනය පෙරළා දමා, ෆිදෙල් කස්ත්‍රෝ ප්‍රමුඛ ගරිල්ලා හමුදාව කියුබාන විප්ලවය ජය ගත්තේ 1959 වසරේ ජූලි 26 වැනිදාය.

RECOMMEND POSTS