ළිඳේ සිරවුණු ස්පාඤ්ඤ පොඞ්ඩා මියයයි



ජනවාරි 13 වැනිදා සිට දකුණුදිග ස්පාඤ්ඤයේ පටු ළිඳකට වැටී ඒ තුළ සිරවුණු දෙහැවිරිදි පොඞ්ඩා මියගොස් ඇති බව වාර්තා වේ.

යුලියන් රොසෙලෝ නමැති මෙම පොඞ්ඩාගේ මරණය මේ වනවිට මුළු ස්පාඤ්ඤයම කම්පාවට පත් කිරීමට හේතුවක් වී ඇත. මීටර් 100 ක් ගැඹුරු ළිඳට වැටුණු පොඞ්ඩා බේරා ගැනීමට සහන සේවකයෝ පැය 24 පුරා වෙහෙසකර සටනක යෙදුණු බව ද පැවැසෙයි.

අද (26) දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් යුලියන් රොසෙලෝ වෙත ළං වෙද්දී ඔහු මියගොස් සිටියේ යැයි ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කරයි. ස්පාඤ්ඤ අගමැති පේඩ්‍රෝ සැන්චෙස් ද ට්විටර් පණිවුඩයක් මගින් සොව පළ කර ඇතැයි ද වාර්තා වේ.

ටොට්ලාන්හිදීය
(රොයිටර්ස්)

 


RECOMMEND POSTS