හිටපු අගමැති රසාක්ගේ නඩු විභාගය ඇරැඹේ



මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනා සම්බන්ධ නඩු විභාගය ආරම්භ විය.

මැලේසියා සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 540 කට වැඩි මුදලක් සිය පෞද්ගලික ගිණුමට හරවා ගැනීම හිටපු අගමැතිවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වෙයි.

ඊට අමතරව මුදල් විශුද්ධිකරණය, බලතල අනිසි ලෙස භාවිතා කිරීම ඇතුළු තවත් චෝදනා රැසක් ද හිටපු අගමැතිවරයාට එල්ල වී ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

ක්වාලාලාම්පූර්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS