හිටපු අගමැති නවාස් ෂරීෆ්ට ඇප
අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට ඇප නියම කිරීමට, ඉස්ලාමාබාද් මහාධිකරණය තීරණය කළේය.
හිටපු අග්‍රාමාත්‍ය 69 හැවිරිදි නවාස් ෂරීෆ්ට ඇප නියම වූයේ ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. අයථා මූල්‍ය ගනුදෙනු සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරදකරු වී, දස වසරක සිර දඬුවමක් ලැබ බන්ධනාගාරගතව සිටි නවාස් ෂරීෆ් මාස කිහිපයක් පුරාවට දැඩි ලෙස ගිලන් වී සිටියේය.
ඉකුත් සතියේ ඔහුගේ රුධිර පට්ටිකා සීඝ්රයෙන් අඩුවීමට පටන් ගත් බව වෛද්‍යවරු පැවැසූහ. ඒ, කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව යැයි ද පැවැසිණි. පසුගිය 25 වැනිදා නවාස් ෂරීෆ් හෘදයාබාධයකට ලක් වූ බව ද පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය.
ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)