හිටපු අගමැති කැමරොන් දේශපාලනයෙනුත් සමුගනී
ලන්ඩනයේදීය (රොයිටර්)
බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් සමුගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රැඳී සිටි ඬේවිඞ් කැමරන් ඊයේ (13) සිය පාර්ලිමේන්තු අසුනින් ද ඉවත් වූයේය.
වේඩිඞ් කැමරන් කියා සිටියේ පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස ආණ්ඩුවේ රැඳී සිටීම තමාට අසීරු කරුණක් වී ඇති හෙයින් තමා පාර්ලිමේන්තු අසුනින් ඉවත් වන බවය. කැමරන් වැඩි දුරටත් කියා සිටියේ තමා දේශපාලනයෙන් ද සමුගන්නා බවය.
ඬේවිඞ් කැමරන්ට බි්රතාන්ය අගමැති ධුරය හිමිවූයේ මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු ද නැද්ද සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුමෙන් පසුවය.
කැමරන් තරයේ කියා සිටියේ මහා බි්රතාන්යය යුරෝපා සංගමයේ දිගටම සාමාජිකයකු වී සිටිය යුතුයි කියාය. මහා බි්රතාන්ය වැසියන් බහුතරය තීරණය කළේ යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි කියාය. ඒ අනුව, ජනමතයට ගරු කරමින් තමා ධුරයෙන් ඉවත් වන බව එම අවස්ථාවේදී කැමරන් කීවේය.
කැමරන්ගෙන් පසු අගමැති ධුරයට පත් වී සිටින්නේ තෙරේසා මේ ය. මැය අගමැති ධුරයට පත් වූයේ පාලක කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය හිමි වීමෙන් පසුවය. එය සිදුවූයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුම්වලිනි.
කැමරන් අගමැති ලෙස කටයුතු කරද්දී ප්‍රතික්ෂේප කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට තෙරේසා මේ කටයුතු කරයි. මෙය ද මන්ත්‍රී ධුරය අත්හැරීමට කැමරන්ට හේතුවක් වුණැයි බි්රතාන්ය දේශපාලනඥයෝ කියති.
තම ඡන්ද දායකයන් අමතමින් කැමරන් පවසා ඇත්තේ ඔවුන් නියෝජනය කරමින් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම තමාට ගෞරවයක් නමුත් අගමැති ධුයේ සිටි තමා පසු පෙළ මන්ත්‍රීවරයකු වීම අවමානයක් ලෙස සළකන බවය. කැමරන් නියෝජනය කළේ ඔක්ස්ෆර්ඞ්ෂයර් අසුනය. ඒ අනුව එම අසුන වෙනුවෙන් අතුරු මැතිවරණයක් ද ඉදිරියේ දී පැවැත් වෙනු ඇත.