හැරී-මේගන් මොරොක්කෝ බාලිකාවන් හමුවෙති



බි‍්‍රතාන්‍යයේ හැරී කුමරුන් සහ සසෙක්ස් ආදිපාදවරිය හෙවත් මේගන් මාකෙල් තෙදින සංචාරයක් සඳහා මොරොක්කෝවට පැමිණ සිටිති.

මහා බි‍්‍රතාන්‍යය සහ මොරොක්කෝව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගනිමින්, මොරොක්කෝවේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය ආධාර ලබා දීමට හැරී කුමරු සහ සසෙක්ස් ආදිපාදවරිය කටයුතු කරනු ඇති බව කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මොරොක්කෝවේ දුෂ්කර පළාත්වල සංචාරය කිරීමටත්, බාලිකා පාසල්වලට ගොස් බාලිකාවන්ගේ සුවදුක් විමසා බැලීමටත් හැරී මේගන් කටයුතු කළහ. මොරොක්කෝ රාජ්‍යයේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහා බි‍්‍රතාන්‍යය හැකි පමණින් සහාය දක්වන බව එහිදී හැරී කුමරු පෙන්වා දුන්නේය.

මොරොක්කෝ සංචාරයේදී, සත් මසක ගැබිනියක වන මේගන් මාකෙල්ට මොරොක්කෝවේ සම්ප‍්‍රදායික ‘හෙනා’ පච්චයක් හිමි වුණු බව ද පැවැසෙයි. ඒ, පළමු දරු ප‍්‍රසූතිය වෙනුවෙන් ආශිර්වාදයක් ලෙසය.

කැසබලැන්කාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS