හයිටි බන්ධනාගාරයෙන් 150 ක් පනිති



 (රොයිටර්)
හයිටි රාජ්‍යයේ බන්ධනාගාරයක සිටි රැදෙවියන් 150 දෙනකු බන්ධනාගාරයෙන් පැන ගිය බව විදෙස් පුවත් සේවා ඊයේ (22) වාර්තා කළේය.
රැඳෙවියන් පිරිස මෙසේ පැන ගියේ නියාමකවරුන්ට පහර දී, ඔවුන්ගේ ගිනි අවි කොල්ලකමිනි. දෙපිරිස අතර හටගත් වෙඩි තැබීමකදී බන්ධනාගාර නියාමකවරයකු සහ එක් රැඳෙවියකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.
පලා ගිය රැඳෙවියන් සොයා අල්ලා ගැනීමට හයිටි බලධාරීන් එරට රැඳී සිටින සාම සාධක හමුදාවල ද සහාය ඉල්ල ඇත.


RECOMMEND POSTS