සූෆි මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බෝම්බයක්
පාකිස්තානයේ ලාහෝර් නුවර, ප්‍රධාන සූෆි මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට බෝම්බයක් පුපුරා යෑමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි.
පිපිරීම සිදුවූයේ ඩර්බාර් සූෆි මුස්ලිම් පල්ලිය ඉදිරිපිටය. මෙය දකුණු ආසියාවේ ඇති පැරැණිතම සූෆි මුස්ලිම් පල්ලියයි. බෝම්බ ප්‍රහාරය කිසිදු සංවිධානයක් තවමත් බාර ගෙන නැත. එය අන්තවාදී සුන්නි මුස්ලිම් ත්‍රස්ත කල්ලියක් එල්ල ප්‍රහාරයක් බවට සැක කෙරේ.
බෝම්බ ප්‍රහාරයෙන් පසු ඩර්බාර් සූෆි මුස්ලිම් පල්ලියට පමණක් නොව සෙසු සූෆි මුස්ලිම් පල්ලිවලට ද පොලිසියේත් හමුදාවේත් ආරක්ෂාව යෙදූ බව ලාහෝර් බලධාරීහු කියති.
ලාහෝරයේදීය (ඒ.එෆ්.පී.)